
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
තවර කර කොකුම් සඳුනෙන් තුනු සියල
පවර සුවඳ මල් දම් පැළඳ මනකල
බැහැර සිතු නොලූ හිමිනඹුවො කෙළිලොල
එපුර ඉඳිති සඳපානේ සඳලු වල
කොකුම් මිශ්ර සඳුන් මුළු සිරුර පුරාම තවර ගෙන, මන බඳිනා
සුවඳින් යුත් මල්මාලා පැළඳ ගෙන, අන් අය කෙරෙහි සිත්
නොයවා කෙළි දෙලෙහි යෙදෙන අඹු සැමියෝ ඒ නගරයෙහි
සඳ එළියෙන් ආලෝක වූ සඳළුතල වල සිටිති.