
සමිඳුනේ බුදු සමිඳුනේ
සමිඳුනේ බුදු සමිඳුනේ
යොමා කුළුනෙත අද දිනේ
කරනුමැනේ මනුදනන්
යලිඳු ලොවේ සුවපත්…….
එදා දඹදිව බුදුන් දවසේ
තිබු තුන්බිය නුවර විශාලා
දුරුකලේ අප මහා මුනිඳුන්
රතනමහා සුතුර බලයෙන්……
සමිඳුනේ බුදු සමිඳුනේ……………..
මෙදා ඉන්දිය දිල්ලි නුවරද
විශාලාවක් වැනිය හිමියනි
අනේ සමිඳුනි යොමා කුළුනෙත
මෙලොව තුන්බිය නසාලනු මැන
සමිඳුනේ බුදු සමිඳුනේ……
වඩින්නට යලි නොහැකි නියාවෙන්
දෙන්න සරණය තුනුරුවනේ බලයෙන්
කරන්න මනුදන මෙලොව සුවපත්
මහා කරුණාවෙන් බුදු සමිඳුනේ…………..