ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තාමත් අපි රැවටීලා

තාමත් අපි රැවටීලා

සපුමල් බන්ඩාර - ලන්ඩනය
2023-March

(ප්‍රතිපත්ති ව්‍යවස්ථා
නැති දේශපාලු පක්ෂ සහ දේශපාලුවො) එකතුවෙලා
(රටක ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථා
හදන්න රොද බැඳගෙන)
එකතුවෙලා
(ධනවාදය සමවාදය නියෝන් ධනවාදය
මාක්ස්වාදය වමද දකුණද ප්‍රජාතන්තවාදය, උතුර දකුණ)
මාරුවෙලා

පරණ රබර් පරණ තමා
ගඳගහනව ඉඩගන්නව
දසක ගණන් කල එවුන්ට
තාමත් අපි රැවටීලා

උන් ඔක්කොම එකා වගේ
අපි ඔක්කොම උන්ගෙ වගේ
🛑 මාවිතරක් හරිය මතේ
🚶👨‍🦽🦵උන්සැම යොදවා කතිරේ