ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ශ්වේත වර්ණ අම්මාගේ ආදරය

ශ්වේත වර්ණ අම්මාගේ ආදරය

වජිර ජයවර්ධන
2023-December

බැලුව ළගදී වීඩියෝවක් මං
ඒකෙ තිබුනෙම ගැහැට තැන්
මහන මැෂිමෙන් මැහුව
තේ උණු නැතුව බිව්ව
මැෂිමට වඩා
යන්තරයක් වගේ
දැඩි වුන
තාත්තගෙ ආදරේ
ගී මන්ත්‍ර ගුණයෙන්
දුවෙක් සතුටු කළ
විදිය…

‍රට යන්න ලැබුනම
ඒ තෑගි එපා කියමින්
අහස උසට තිබුන
ගෙදර ප්‍රශ්න කන්ද
බිමට පාත් කරන්න
අහස් යන්තරේ ගමන
ගෙදර සතුට වෙනුවෙන්
පස්සට දාපු හැටි,
ඒ කතාවට කඳුළු
ආවෙ දුකට නෙමෙයි
තදින් තද වුන
ආදරය පිපිරුණ නිසාමයි…

ශ්වේත් වර්ණය වගේමයි
කහට පැල්ලම් ඇත්තෙම නෑ
ලෝබ නැතුව අගේ කරන
අගේ නැතුව සිනා පුදන
මගේ ආදර නන්දා මිස්
අම්මා තරම් ම වටිනවා…