ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මල හා නටුව

මල හා නටුව

අන්ජලී චන්දිමා සිල්වා - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
2022-December

මලේ සුවඳ විඳ ගන්නට බැරුවාට
නටුවෙන් තොරව මල පවතිද කිසිදාක
නටුවයි මලයි එක්වූ විට හැමදාම
මලේ සොඳුරු බව රැක දෙයි නොසිතාම

නටුවෙන් කඩා මල වෙන් කර ගත්තාම
මල මිය ඇදෙන බව මොහොතක් සිතුවාද
නටුවයි මලයි අතරේ ඇති මේ බැඳුම
වටහා ගතොත් සොඳුරුය ලොව පැවතීම