ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රහසිගත වැළපීම

රහසිගත වැළපීම

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
2021-May

(නිමිත්ත – මියගිය සැමියාගේ මෘතදේහය හඳුනා ගෙන
බාර ගැනීමට නීත්‍යානුකූල බිරිඳ පැමිණිය යුතුය )

ගෙදර හඳ හැර දමා සොයා ගිය විට තරු
හිමි වුගේ අන්තිමේ වැලඳ ගන්නට මරු
නුඹේ  ඇස් ඇති ගෙදර පැටවූ ටික මගේ දරු
හොයද්දී තාත්තා කියන්නට වෙයි බොරු

රෝහලේ හිටිය නුඹ බලන්නත් ආවාලු
මිදි ඇපල් පලතුරු ද වහන් වී කැව්වාලු
මා එවූ බත් පතේ අඩුපාඩු දුටුවාලු
සදහටම නුඹ ලඟින් හිදින්නෙමි කීවාලු

කාසි ගස්වල පිපුණු මලේ සුවඳක් කොහිද
හුස්ම නැති මළකදට මගේ සුසුමක් මොටද
වැළපෙන්න වුනි නිබඳ රැකගන්න නුඹේ සුවඳ
රැකගන්න  බැරි ගසක කූඩු තැනුවේ කිමද

සරුව පිත්තල ලොවක් සොඳුරු යැයි හිතුවාට
මිරිඟුවක පැටලිලා ගොදුරු විය මැරුවාට
“නීති කඩදාසියට පමණි” මා වුවාට
මැරුණු කල “දේහයේ අයිතිකම” නෝනාට

2021/04/06