
රුවන්වැලි මහ සෑය
බුදු සිසිල ගලා එන රුවන්වැලි මහසෑය
සද සිසිල ගලා එන රුවන්වැලි මහසෑය
මල්සුවද ගලා එන රුවන්වැලි මහසෑය
සිල්සුවද ගලා එන රුවන්වැලි මහසෑය
සිසිල දෙන්නට වැවිඉවුර රැලිවෙලා
සුවද දෙන්නට මල් ගොමුව සැරසිලා
එලිය දෙන්නට සදමඩල මෝරලා
නිවන් මග පෙන්නන්න මහසෑය සැරසිලා
දෙවිබඹුන් මහසෑය වදින්නට
සගරුවන මහසෑය වදින්නට
සිල්වතූන් මහසෑය වදින්නට
වැලිමලව සතර කොන රැස්වෙලා