
මල් පිපිලා…
මෙතෙක් දවසක්
උහුලගන්නට බැරුව සීතල
හරිත වර්ණ ඇඳුම් බිම හැලී
කෙසටු දර ඉපල් නිරුවතින්
දුක්බරව මදෙස බලාසිටි
මා යනෙන මාවතේ
මගේ මිතුරු තුරු,…
නෙක පාට මලින් සැරසී- මල් සිනා සලමින්
ආඩම්බරයෙන් මා දෙස බලා සිටි දැන්
මග දෙපස සරසමින්,
සැම මුවට සතුටු සිනා ගෙනෙන
වසත් කාලය ලඟම
එන බව පවසමින් …
18/04/2023