
පුබුදු වදන්
උන් ඔක්කොම යාලුවෝලු
ඒ වුනාට…. උන් ඔක්කොම අපේ හතුරෝ
දන්නවාද … උන් දන්නැති බව
හඳුනන්නේ නැති වුනාට – අපි ඔක්කොම යාලුවෝ බව
ඒ හින්දයි….
එක දිගටම – එක පෙලටම
පාර දිගේ ඇවිද ආවෙ – ජූලි මාසෙ නව වෙනිදා
පාසල් පෙළ පොතේ පවා – මෙහෙම ලියා තියෙනවා
සියලු බලයෙ උල්පත – ජනතාවයි
ජනතාවගේ හද නිම්නෙන් – කවදාවත් නොසිදෙන්නට
ඒ උල්පත මතු වෙනවා
ජන බලයේ අනුහස් රැස් – මතු දිනයක මතු වෙන දින
පාලකයිනි අද උස් – අසුන් දරා වැජඹ සිටින
ඔබ වෙනු ඇත වින්දිතයින්
යකඩ කූරු බදා සිටින – සිපිරි ගෙයක කූඩුව තුල
26 ජනවාරි 2023