ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බිමට ඇද දැමු සමරු අද, අදිරද රුක …!

බිමට ඇද දැමු සමරු අද, අදිරද රුක …!

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර
2023-June

පුතුට තෙද නිති පැතුව පෙර විසු විරු නෙක

පෙරට වැද සිඳ දැමුව බැමි අදිරද සක

ඉහට දද ජය එසැවු ජනරජ සිරි ලක

දැයට අද අමතක ද, දින මැයි විසි දෙක ?

නිවට ලෙද ලද නිදහසක නැති සුව මොක

ජයට නද දෙත සැමැරුවද සුදු ගැති බක

දැයට පුද නිසි නොමැති වගතුග එහි දැක

බිමට ඇද දැමු සමරු අද, අදිරද රුක ….. !

හෙටට දද දැයෙ ඉහළ නැඟුමට රිසි නෙක

පෙරට වැද සැම සුරැක උරුමය සිරි ලක

නොරට කද බැඳ දැමුම වලකමු විඳ දුක

විරුට පුද නිසි එයයි මියැදුණු රට රැක …. !!

2023 මැයි 22