ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිරිතදිග මෝසමක් එපා වැලි කතරට

නිරිතදිග මෝසමක් එපා වැලි කතරට

ආරියරත්න ජයසිංහ - මහරගම
2024-June

වැහිකළුව පාව විත් නිරිත සමුදුර දෙසින
දුක් කඳුළු පුරෝගෙන ගොළු මුහුදු රළ මතින
ඉකිගසා සුසුම්ලා හෙණහඬින් ගුගුරමින
නිරිතදිග මෝසමත් කඩාවැදුනා එසැණ

ගහ කොලත්‍ අතු නමා හිස පාත් කෙරුවාට
පොළොවටත් රිදෙනවා වැහි බිංදුවල බරට
මහ කඳුත් නායගොස් පොළොව හඬනා කලට
ගං හෝ ත් බියපත්ව වදී සමුදුර වෙතට

නිරුවත් අහස් කුස හිරු ඇවිත් හිස මතට
සිනාසෙන වැලි කතරෙ ඔබ ඉන්න දුරු රටට
ඔබේ මුව සිනා රැළි සේදිලා යන ලෙසට
නිරිතදිග මෝසමක් ඒවියැයි බයයි මට