
දෙවිවරු
ගහක දරුවන් හැදී වැඩුණද
ඇයට අයිති ද මලක් හැමවිට
ගඟක් නිහඬව ගලා හැලුනට
එයට උරුමද මහා දිය කඳ
කැලෑ ළමයින් නිදන රෑ කල
කිරට හරවා මහා වැසි කැට
පොවා උන් හට කියා දුන්නා
බෙදන හැටි සෙනෙහසේ උල්පත
එහෙව් දරුවන් සසුන වෙත දී
එකත්පස් වී හිඳින පියවරු
දෙස බලාගෙන හඬනවා ඇති
සොබාදහමට අයිති මව් වරු