ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මුනිවත රකින්නම්

මුනිවත රකින්නම්

කලාපති ආසිරි විජේසේකර
2021-May

අමුත්තක් මගෙ සිතට දැනෙනවා ලියන්නට බැහැ එයද කෙටියෙන්
චමත්කාරය පහවෙලා ගොස් අඳුර පැතිරෙයි ඉතා හයියෙන්
සමත් වේවිද හදවතේ දුක ලියා සැනසෙනු පිණිස කවියෙන්
මමත් සුරතට පෑන ගත්තේ කඳුළ දිය කර යවන අටියෙන්

ඉබේ නෙතඟට ගලන කඳුළ ට ඔහේ යන්නට ඉඩ හරින්නම්
ඔබේ වදනින් තවත් රිදෙනව ඒ නිසා ඈතටම වෙන්නම්
තිබේ සදහට ඔබගෙ රුපය මැකි යන්නට ඉඩ නොදෙන්නම්
ලැබේ කියලා හිතන තෙක් ඔබ නිහඬ ලෙස මුනිවත රකින්නම්