තුෂාරි ජයසිංහ මහනුවර

2024 ජුනි කලාපය

දුම් කවුළුව

කලෙකින් නගින දුම් රොටු
සිප වැළඳ සියොලඟ කිතිකවා
පිනවයි සිතම සැනෙකින්
ලැබ දී නිරාමිස සුවයක්

සීතලට ගල් වී සිටි දුඹුටු වැල්
එල්ලි එල්ලී චිමිනියේ
පදී ඔන්චිල්ලා
තනාගෙන යොහොඹු යහන්

කරකාර බැඳි පාළුවට පෙම් කර
කිරා වැටෙමින් හිටිය ගෙදරක්
යළිත් පිරෙනවා වළළු හඬෙකින්
පැතුම් බොහොමැයි මග බලන්

මහ ගෙයින් නික්මී
කතර ගෙවා විත් යළිත් ඈ
බත ඉදෙන පමාවට
උණුසුමක් ලැබ දේවී
මොළවමින් ගිනි සිලක්


2024.05.19
View Poem