
ගමන
බලයි හාත්පස, සොයනු වස් පැන් පොදක්,
නිවන්නට වෙහෙස මොහොතක්,
තනිව දිගු ගමන් ගිය මගියා.
නිවන්නට වෙහෙස මොහොතක්,
තනිව දිගු ගමන් ගිය මගියා.
පසු කරත වන පියස,
දකී ගෙපැලක්, ගම්මානයේ ඉම.
පැල්පතකි එය.
මහලු හිමිකරු අසුන් ගෙන බිම
හිදී තනිවම.
‘දිය හැකිද දිය බිදක්?
නිවන්නට දැඩි පවස’.
නිවුනු සඳ පවස
දිය බිදෙන්, ලද මහල්ලාගෙන්,
බලයි වටපිට මගියා.
ගෙයක් මුත් මෙය, නොමැත කිසිවක්,
පුටුවක්, ඇදක්වත්.
විමතියට පත් හේ, අසයි මහල්ලාගෙන්,
‘කිව මැනව මට, කොයිද ඇඳ පුටු?
කොයිද සලු පිළි?
වෙනත් වස්තුව මෙතෙක් රැස් කළ?’
මොහොතකට නිහඩය මහල්ලා.
එක් වරක් හුස්මක් ගනී ඔහු.
‘කියග මගිය,
කෝ තොප සතු ඇද, පුටු?
‘හා! නොවෙම්ද? මම් මගියෙකු,
එකලාව සරනා’
කියයි ඔහු විමතියෙන්.
‘දැන ගනු තොප මගිය,
මමද මගියෙක්මි.
සරනා එකලාව’.
නිම කරමින් දෙබස,
යෑමට තව ටික දුරක්,
දිගු සසර ගමනේ තනිවම,
පියා ගනී දෑස් මහල්ලා.
සෝමබන්ධු කොඩිකාර
මෙත් සිතින්.