ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හොරු පන්නලා රට හදනා අරගලය…මේකය් මව්බිමේ නිදහස් අරගලය

හොරු පන්නලා රට හදනා අරගලය…මේකය් මව්බිමේ නිදහස් අරගලය

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය
2022-May

හොරු පන්නලා රට හදනා අරගලය…මේකය් මව්බිමේ නිදහස් අරගලය

උන් ගිනිතියපු රටෙ ගින්දර නිවන්නට
දුන්නා රටම කිරිබත් කා විරුවන්ට
රැවටුන බව පෙනුන විට රට වියතුන්ට
දහදුක් විඳිනවා මිනිසුන් කල පවට

දෙන්නට නොමැත කිරි පිටි ටික දරුවන්ට
මව්වරු හඬනවා බැහැ එය ඉවසන්ට
බඩු මිල ඉහල යය් බැහැ ජිවත් වෙන්ට
තරුණයෝ පොරකනවා රට හැරදා යන්ට

මිනිසුන් මියෙනවා ලෙඩකට බේත් නැත
පාලකයන්ට ඒ ගැන කිසි වගක් නැත
හිටියත් පෝලිමේ ගන්නට ගෑස් නැත
ඉන්ධන නැතිය, මුළුරට කළුවරේ ඇත

දුන්නේ නෑ පොහොර ගොවියා අසරණය
කාගෙද අනේ මේ තකතිරු තීරණය
එනතුරු අරන් රට විකුණා ඩොලර් ණය
කොහොමද දුවන්නේ මගේ රට අසරණය

හැත්තෑ හතර වසරක් හොරු කාපු රට
නිදහස් කරගනිමු ගොඩගමු අපේ රට
ඉවසුවා ඇතිනේද මිනිසුනි එනු පෙරට
එකමුතුවෙලා එනු මැන අරගල බිමට

ආවත් වෙඩි උණ්ඩ වරුසා පපු තුලට
මිනිසුන් හැරෙන්නේ නැහැ ආපසු බයට
බැරියර් දමා උල්කටු එහි ගැහුවාට
ජන අරගලය බය නැහැ ඔය නිවටුන්ට

රට ගැන හිතන මිනිසුන්ගේ අරගලය
හොරු පන්නලා රට හදනා අරගලය
එකමුතුකමින් රට දිනනා අරගලය
මේකය් මව්බිමේ නිදහස් අරගලය