
කෙලෙස මා තලන්නේ කියාපන් පුතේ මට
නම් පොතේ නුබ නමට බිංදුවක් වැටුණුවිට
මගේ හිත වෙහෙසුණා නුබේ රුව සොයන්නට
විදුබිමම පොඩි දෙපා පියවරක් නොදුටු බව
කෑ ගසා කී නමුදු මා දෙනෙත සොයයි නුබ
කුඹුරෙ වල් නෙලන්නට , හේනේ පැල් රකින්නට
අප්පච්චි එක්කලා මී දෙනුන් බදින්නට
නෑවිදින් පාසැලට නුබ යලිත් එන කලට
කෙලෙස මා තලන්නේ කියාපන් පුතේ මට
නම් පොතේ නුබ නමට…
වෙහෙසවී පාඩමට වාර අවසානයට
හැමදාම පන්තියේ පළවෙනියා වුණා නුබ
සිත් දරා දිළිදුකම නෙතු සිනා සලනවිට
පුතේ නුබ ගැන හඩයි දුක හිතුණු මගේ හිත
නම් පොතේ නුබ නමට…
ගායනය – විශාරද එඩ්වඩ් ජයකොඩි
සංගීතය – ප්‍රියනාත් රත්නායක
ජාතික රූපවාහිනියේ ළමා ගී වැඩසටහනින් විකාශය විය
1990-1992 කාලයේදී ජාතික රූපවාහිනියේ විකාශය වූ මේ ගීතය
VHS පටිගත කිරීමකින් . උපුටාගෙන ඇති බැවින් එහි ශ්‍රව්‍ය දෘශ්‍ය
තත්වයේ අඩුපාඩු ගැන කමා කරන්න