ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කඩුව දුන්නේ ඇයිද මංදා…….

කඩුව දුන්නේ ඇයිද මංදා…….

අනුරාධා ගුණසේකර - හොරණ
2024-January

වසා සිරකර ලෙනේ දොරවල්
නුඹ රකින්නට බැරිම හින්දා.
නුඹට පට රෙදි රසම මසවුලු අරන් එන්නට ගියෙමි සැමදා
සිංහබාහුත් සීවලිත් දැන් දවසගානේ වැඩෙන හින්දා
සැකක් නැතිවම හිතේ සතුටින් පලංචියෙ දුක් රහට වින්දා……. :

සදකි නුඹ මට නගරෙ පෑයූ
ගමට ගෙන ගියේ රැයේ කැන්දා
ලෙනේ තනිකර වනේ පලවැල නෙලන්නට ආ අතරේ රිංගා
කැලේ බිදගෙන කොහෙන් ආවද ලෙන් දොරට ඒ නපුරු වැද්දා
මගේ සිහිනය ගිනි තියාලා
කඩුව දුන්නේ ඇයිද මංදා…….

සිංබාහුයි සීවලියි අද මහා කැලයක අතර මංවී
රුදුරු ලෝකය ඇස් අයාගෙන
උන්ගෙ ලෝකය ගිල දමාවි
සවිඋනත් තටු අහස් තලයේ
මග නොදැන උන් පියඹ යාවි
අතරමං වී පාර සොයමින්
එන්න ආපහු බැරිම වේවි. ::…