
ඉසුරුමුණි පෙම්වතිය අමතමි
නොසැලෙනා සෙල් ප්‍රේමයේ…
වරම් ලද නුඹ ප්‍රේමියේ….
ඉසුරුමුණි පෙම්වතිය අමතමි..
දරාගත් මහ ප්‍රේමයේ….
මුදුම මල්පෙති වගේ ඇතිරුණු පෙම් හැඟුම් හදවත අරා..
ගල්ගැහුණු හද පතුල හාරමි සොයන්නට හැඟුමන් නුරා…
ජීවිතේ කෙටි දුරයි ආවේ
සොඳුරු හැඟුමන් සිත දරා
නොසැලුනේ ප්‍රේමය නොවෙයි මං මගේ හදවත ගල් කරා…
සෙල් රුවක ඇති අචල ප්‍රේමය විඳින්නට හදවත් අරා
නුඹයි ලොව පිංවන්ත සොදුරිය උකුල මත හිඳ දිවිතුරා..
නුඹෙ රුවට පණ පොවන්නට මට වරම් ලදුවොත් සිත දරා…
ඉවතලමි නුඹෙ සතුට ඇත්තේ ගලක් වී හිඳිනා තුරා…