ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉඳින් විඩාබරය මේ ජීවිතය…

ඉඳින් විඩාබරය මේ ජීවිතය…

කාංචනා පෙරේරා කපුගේ - කොළඹ
2024-June

අමාවක අහසකට සදක් එන් නැති හැටී
තරුවකින් අසාවිත් වළාකුල් මට කී හැටී
හමාගිය හුළගටත් කදුළු වියලනු බැරී
මගබලා හුන් නෙතට විඩාබර ඇයි මේ හැටී

රළක් පෙරලී නැවත ආවත් වෙරළකට නවතනු බැරී
වඩ දියට අවනත නොවුනු දියඹද අනේ සැඩවුනු හැටී
සයුර මත හිද වාරකන් මට රුවලකින් නවතනු බැරී
සිතිජ ඉම මත ඇදුණු සිතුවම් සිතින් මගෙ පිටමන් වුනී…

කාංචනා පෙරේරා කපුගේ