ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සෙර කඩුපුලට ඇයි ද ලොලේ

සෙර කඩුපුලට ඇයි ද ලොලේ

ප්‍රීති රන්දෙණිය
2022-August

ස්වාමී …. ස්වාමී …
මේ තනි යහනෙ අද තනි වී
මා කල වරද කියනු මැනේ
බියෙනී …. සැකෙනී
හර්ද ස්පන්දනය ගැසෙනු තදින්
අප සිරි යහනේ ගිනි ඇවිලේ

දිව රෑ …දිව රෑ
සුවදින් පුරවා
ඔබ වෙනුවෙන් ම පිපුණු මලේ
රවටා …පිටුපා
සෙර කඩුපුලට ඇයි ද ලොලේ

නොනිදා.. නොනිදා
සදු ආකාසෙන් බසිනු පෙනේ
හඩවා…රිදවා.
ඉර කෝලහල කරනු ඇසේ
දෑසේ …දෑසේ
දිය සීරාව ගලනු දැනේ
හද මිහිතලය පෙගෙනු සැනේ

වැලපී ….වැලපී
ශෝකෙන් …බරවී
කඩු තුඩු අගට ගෙල පළදා
ළසොවින් ..තැවෙමින්
සුදු මුදු බාරි හර්දෙ පලා…

1–8–2022