සුදු පාට බර්ච් ගස
කවුළු ඇසට පහළින්
සුදු පැහැති බර්ච් ගස
ඉසිඹුලයි හිම පෙරවගෙන
රිදී පැහැ බබුළුවාගෙන
ගැබ්බර අතු රිකිලි
වසයි සුදු හිම පියල්ලකින්
පිපී හිනැහෙන තුඩු දිගැටි
දිලෙයි සුදු පැහැ නංවමින්
සිටියි බර්ච් ගස දේහධාරී
මහා නිදිබර නිහැඩියාවක
දිලෙයි හැම තැන හිම කැටිති
රිදී පැහැ මෘදු ගින්නක් ලෙසින
අලස අරුණළු නැගෙන සද
දැවටි දැවටී එතෙයි සියොළඟ
හිදියි අතුපෙළ බුම්මාගෙන
රිදී පැහැ වර්ණයක් තවරගෙන
රුසියානු ජාතික කවියෙකු වූ සර්ගෙයි යෙස්නින්
කවියාගේ “Белая береза” නම් කවියේ පරිවර්තනයකි.
රුසියානු බසින් පරිවර්තනය