ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැලි සෝමේ…

වැලි සෝමේ…

අනුරාධ හිරිපිටියගේ
2023-March

කළු ගඟේ දිය රැල්ල ගොළු වෙලා ගලනවා
වැලි මිටිය ඉහිරිලා මහ පොළවෙ හැපෙනවා
ගම ඇවිත් පෙළගැහී හැම තැනම හොයනවා
තනි වෙච්ච හිත මගේ හදවතින් හඬනවා

ඔරු බඳේ කණපිටින් දෙගොඩ යන වතුරට
කෙළිකවටකම් කරන හුරු පුරුදු විලසට
දණහිසත් බිම වදින දිය හීල දිනයට
උඹ කොහෙද ඉඟි දෙකක් එවාපන් හනිකට

පුතුත් පිටරට ගිහින් බර දරාගෙන හැදූ
දුවත් කලබල වේලා පුංචි එකෙකුන් වැදූ
බතක් නැති ළිප පුරා දුක් කඳුළු ගිනි කඳූ
මටත් උත්තර නොමැත නැවතිලා හිරු සඳූ