ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වස්සානෙ අදත් අතවර කළා

වස්සානෙ අදත් අතවර කළා

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
2022-March

ගිම්හාන – හේමන්ත – සරත් කල අහවරයි
නිල් වර්ණ තුරු, අතර වසන්තය ස්ථිරයි
පැනි සොයන බිඟුන් කැල පවා හරි චංචලයි
සකි සඳුනි, මල් පිපෙන කාලය ම දුෂ්කරයි

රත් අදර රඳවමින් මලක් මල හා ගැටෙන
මධු බඳුන් උතුරමින් ගංවතුර සේ ගලන
තුරක ළැම මත එතී වැලක් පෙම් රස උරන
සකි සඳුනි, මෙය ඉන්ද්‍රජාලය කි හද දවන

දිය කඩිති කඩිසරෙන් ගඟේ තුරුලට වෙලා
සඳේ වතුරෙන් පෙඟී සුපෙම් බස් මතුරලා
සුළං වැහි කෝඩයෙන් කන් පෙත්ත කිති හලා
සකි සඳුනි, වස්සානෙ අදත් අතවර කළා