ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2024 සැප්තැම්බර් කලාපය
සකල සිරින්පිරි සිරිලංකාවේ ජනපතිවරණය ලඟම එනා
සරිලක ජනතා \"හොඳට හඳුනනා\" මුහුණු කීපයක් අතර වෙනා
චන්දය දෙන්නට පළමුව මහතුනි දහස් වාරයක් සිතනු මනා
48 දි උත්තර බඳින්නෙ ලබන ආත්මෙද අසනු මැනා
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
එන්ගලන්තයේ විශේෂඥ වෛද්‍ය ශානි ඇන්තනී කිවිඳිය ගේ ප්‍රථම කවි සංග්‍රහය ‘මගෙ හිතයි කවි පොතයි’ පසුගියදා කොලඹ පදනම් ආයතනයේ දී එළි දැක්විණි. මේ එහිදී කෙරුණු දේශන කීපයෙන් දෙකකි.
Please clear your browser cache if you cant view the site properly.
Mobile guide: https://youtu.be/2HYlJGts_Jc
ළමා සාහිත කලා අසිරිය
සොයා ගිය නව මාන අතරින්
දෙස් විදෙස් භාෂා තුළින්
නිපුනතා ජාතියට පුදදුන්
ග්‍රන්ථ කෘති කෙටිකතා ලේඛණ
ව්ව්ධ යුගවල බිහිකෙරූ
විද්වතෙක් යුග පුරුෂයෙක්
දැයෙන් සමුගත් පුවත ඇසුනින්
සලිත වුණි සිත් අසපු කාගෙත්
අහඹු මොහොතක දේශයේ
ළමා සාහිත විචාරය වැනි
ත්‍රිසිංහලයේ මව්වරුන් වෙත
කලලයේ සිට වැඩෙන දරුවෙකු
හදා ගන්නා අයුරු පැවසූ
අහුරු කෙතරම් නම් අපූරුද
දනිත් ඇත්තෝ දෙස් ව්දෙස්
භාෂා වලින් ජනගත කෙරූ
පොත පතින් යුගයක් පුරා
ජාතියේ සමගියට හුරුකල
පොතයි ඔහු ලියු කෙටිකතා
"අයියා වගේ කෙනෙක්" නම්
මීට අඩසිය වසරකට පෙර
අනාගතයක ලකුණු අනුදැන
තවත් පොත් පත් අපමණයි ඔහු
ලියූ පනහද ඉක්මවූ
'"අම්මලාගේ ආදරේ"
"මව දරුවා සහ තොටිල්ල"
"පුදුම නළාව"ත් ඔහු'තින්
ලියු සාහිත කෘති උසස්
විදෙස් භාෂා වලට ගොණුවුනු
පොත්ද හතළියකට වැඩියි
නමුන් ගුණසෙන් විතානවු ඔහු
උපන් සිරිලක් බිමෙහි පෙරදා
ඔබේ යුතුකම් දැයට පුදදී
දැයෙන් සමුගෙන ගිය වගයි
23/8/2024
0711481624
කවිය බලන්න
වැදි බණ සහ නරි බණ
විමසති දන
හරි මග
දෙසති උන්
වැදි බණ
ඉදින් යති එමග
දැන වැරදුණු බව
යළිත් විමසති
හරි මග
නරියෙකු පැමිණ
අමුතු හඬකින්
දෙසයි නරි බණ
ඉදින් උන්
යළි යති එමග
යළි වරදී
යන මග
විමසති යළිත්
හරි මග
එවර එති පෙරට
තව නරි කැළක්
නෙක සායම්
බඳුන් හි වට
යමු මෙමග
එනු මෙමග
දොඩවති කපටි බස්
ඉදින් යති උන්
එමග
අහෝ හැම තැනම
වැදි බණ නරි බණ
කවදා කෙලෙස
යනු හරි මග.
24/08/20
කවිය බලන්න
රයිපලයට තවත් පතුරොමක් ඔබමි
මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි
පෙම් කවක් ලිවිය යුතුය උන් සැමට
වෘකයන් ද සරණ බිම
පෙම්පතක් යවනු එල වෙද
කැක්කුම් දෙන ළයට
රයිපලය බර නොවේ
කොළයත් පෑනත් තබා
සඳෙන් බැස එමි
මල් පිපෙන බිමකට
වෘක පා සටහන් කුමකට
"කුමක් කළේ ද ඔබ
දෙවියන් ලොව සාවුන් මැවුයේ
වෘකයන් සමඟින් වසන්නට නොවෙද?
ලොව සුන්දරත්වය එයම නොවෙද?
රයිපලයට තවත් පතුරොමක් ඔබමි
කවිය බලන්න
මේ පාර
වී එයිට් රියක් නම්
වී ඇටයක් ගන්න
උගුර ලේ රහ විදින
ගුරු මවක නොවේමය
බෙන්ස් රථයක් නම්
බනිස් ගෙඩියක් නොකා
අකුරට යන දුවක
පියකුගේ නොවේමය
ලැම්බොගිනියක් නම්
ලැම ගින්නෙන් දැවෙන
මවට ඔසු දිය නොහැකි
පුතෙකුගේ නොවේමය
එවන් මව් දහඩිය ට
එවන් පිය කදුලට
එවන් පුතු සුසුමට
කතිරයක් නම් උරුමය
කවිය බලන්න
බිනර රැඟුම
පුරමින් රස පාන මධූ
අඳිමින් සළු නේක සුදූ
රඟමින් මැද සාද සිඳූ
ගිලිමින් අපි ගෙවපු බදූ
තද කර කර අපේ පටී
උන් ටික ටික හැදෙන හැටී
තව බල බල කමින් ගුටී
ඉමු වන වන ඉතින් නැටී
ඌරන් ගෙන කැකුණ තලන්
ආවෙම කුකුළන්ය හබන්
තාලෙට තව තවත් නටන්
බිනර රැඟුම විඳිමු තුටින්
දෙමු ඡන්දය නොහිත හිසින්
ගමු හැකි ලෙස වාසි නිතින්
යමු අපිටම වලක් කපන්
ඉමු ඉන්පසු නොදොඩ මුවින්
කවිය බලන්න
පෙරලිය
තවමින් දනන් මව්බිම කුස ගිණි දැල්වේ
කෙළසයි ආත්මය පුරවැසි ලොව හමුවේ
බිළිඳුන් මව් වරුන් ගේ ඇකයේ හැඬුවේ
ලක් මව දර හැවකි ඉඳු සයුරේ පාවේ
නටඹුන් හඬයි අනුරාපුර පොළොන්නරු
සීගිරි අව්කන දි නොදිලෙයි පහන් තරු
ලක්මව පතන පෙරලිය ඔබ ගෙනෙන තුරු
සිරිපා මුදුනෙ රඳවා ඇත අඳුරු හිරු
මුතු ඇටයක් ලෙසට පෙරදා ඉඳු සයුරේ
විරුදාවලිය ලත් ලක් බිම අද අඳුරේ
දස දෙස නැගෙයි මැසිවිලි නෙත් කඳුළු පිරේ
මුතු ඇටයේ සවිය එද නොනැසෙයි මිතුරේ
ලක්බිම පුරා කුසගිණි දවනවා දරුන්
ළමයින් අනාතයි රජවරු ගසති පිලුන්
තවත් නොගොස් දූෂිත මග පුතේ හැරෙන්
දිසානතිය පෙන්වයි ඊතලේ තුඩින්
කවිය බලන්න
ඔලිඳ කෙළිය
ලංකා වසන්තය අත් වින්දා පමණී
බංගලියනුත් ඒ කොක්කෙම යනු පෙනුණී
දන්නා අපට කොළ පෙන්නා බණ දෙසුණී
සුන්දර රටක් මහ හඬ දී බිම වැටුණී
ඇත්තට වගේ ආ බොරුවට මුළා වෙලා
කොස් ඇට බාපු බළලුන් ඇත ඉවත බලා
මතුවට ලැබෙන වාසිය ගැන බැලුම් හෙළා
සතුරට තමන් බිම පාවා දීම කළා
රට සුන් කරන නොරටුන් දෙන සොඳුරු ගුලී
ඇතැමුන් ගිලියි දැනගෙන වාසියට ගැලී
සුන්බුන් වෙන්න පහසුයි බඳුනකට පැළී
දැන් දැන් අතීතය ඇත සිදුවෙමින් යළී
කවිය බලන්න
වෙස්
හොරෙන් දමාගෙන නෙක පැහැ වෙස්මූණූ
සිල් අරගෙන වාගෙයි දැන් මිනි මෝරු
පොළවෙ අපට පෙන්වා අහසක් යාළු
කතිර යුද්දෙකට උන් දැන් පේ වෙනවා ලූ
මීරිය මී සේම මුවගින් ගිළිහෙන වචන
කාරිය කරන තුරු සිල් රැකගයි නොබිඳ
දුන් පසු වරම් රජවෙන්නට ඔටුනු බැඳ
උන්හට අමතකයි අසරණ හුදී ජන
දේදුන්නෙන් පාට අරන් හිනා වෙවී
ගෙං ගෙට එන්නේ බෝසත්තුය දෙකට නැවී
දිනු පසු කතිර යුද්දය අර හිනා මැකී
ධර්මාශෝකලා චණ්ඩාශෝක වෙතී
යම්මොයි කියා යන්නෙමි පෝළිම දිගට
අප්පොයි කියා සිතුණත් හිත හදාගෙන
දෙන්නට කියා නැති මුත් එකෙකුත් සුදන
හොඳටම සිතා චන්දය දෙන්නෙමි මම ද
කවිය බලන්න
අවසර දෙනවද: හිතලා බලනවද
එක එක පාටින්
පින්සල් අරගෙන
පාට කරන්නට
එන අය මගෙ රට
ජනතා අවසර
අරගෙන නිසිලෙස
කොටසින් කොටසට
විකුණනවා හෙට
එදාට අත්සන්
හිමිකම ඉල්ලං
පාරට බැහැලා
එළවා දමමුද
ගහන්න කළියෙන්
වටිනා අත්සන
මනස වෙහෙසලා
හිතලා බලමුද
කවිය බලන්න
කුණු අඹ අතරින් එකක් තේරීම
හැමදා අන්ත අසරණ පීඩිත ජනයා
කුණු අඹ ගොඩෙන් 'එක' තේරුවේ රට උදෙසා
උන් ගේ මඩි ම තර කර මිස රට විකුණා
එතෙක් මෙතෙක් හැත්තෑ හය ම උන් හෑවා
ලෙහා බැළු මලු සේරම ඔබා බලනුයේ කුමටා
පරණ මූණු අළුත් ඉනා ගෙනත් තියේ රස දවටා
පනින හැරෙන මජර ගතිය දැක හිරිකිත උඩු දුවනා
ගත වස්තර කුමට වෙද කුහක නිරුවතින් රඟනා
ඉහ නිකට සුදු වෙලා අකලට ගෙවුන මුත් කල අසුවක්
අතැර ගන්නට නොහැකි වූ ලොබ කිවූ මුත් බන දෙසීයක්
කිලිටි මල ලේ තැවරවුණ අත් පිස අඟින් කහ කබායක්
පරපුරක උරුමයට නතු වූ මේක ෆැන්ටසි ගුහාවක්
කට මැත දොඩ දොඩා විකුණා සේසත ඉතුරූ
මක් වෙද වගක් හෙට - අද රැකුනොත් ඉතුරූ
තව දික් උනොත් කල් නොරටුන් වෙයි ඉතුරූ
සිහ නම මැකෙනවා සත්තයි රට නම් නෑ ඉතුරූ
විසිකර හතර අත මසුරන් නොම ලෙස ලොල්ලා
හදවත ගෙනත් දී දෝතට සුරපුර මෙහි කැන්දා
කැපවෙන දිවිය දුටුවම පොදු යහපත උදෙසා
මී කඩනුයේ කවුරුන් අත ලෙවකනු පිණිසා
කවිය බලන්න
ජනපතිවරණය
මුතු ඇටය ඉන්දීය සයුරේ එකල අපගේ සොඳුරු දිවයින
මෙකල එය දන නුවන වගුරන හැඩය ගෙන ඇත කඳුළු බිඳුවක
සත් දසක් රට හෙලූ නයුවන් උරා බී ලක් දෙරණ සාරය
නඟා සියකුල සියන් පමණක් දෙසතුරට ණය දැයක් බිහිකර
වග බැඳි යුව දනන් රැස් වී බිහි දොරට
අරගල කළෝ මහවත අසුරා පෙරට
ඔළ මොළ නරපයන් දඬු අරගෙන අතට
ජන සම්මත හටන කෙලෙසී ලෙස නිවට
විසි එක් දිනට එළඹෙන මේ නිකිණි මස
ජන හඬ අවදි වන බව නැත කිසි කුකුස
දකිනෙමි දසත ජය දද ලෙලෙනා විලස
හිඳ දුරු රටක මව්බිම මනසින් පිවිස
ආචාර්ය පාලිත ගනේවත්ත
ඕස්ට්‍රේලියාව 26/08/2024
කවිය බලන්න
සුද්ද සුදු
ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය
මේරට පිහිටියේ මුහුදේ හරි මැදය
නැතිවූ දෙයක් මේරට තුල නැති තරම
පිරරටවුන් පවා එති ගෙවලා දැකගන්න
මහවැලි කැලණි කලු වලවේ යන ගංගා
අනුරපොලොන්නරු සීගිරි තිබු හින්දා
මිනිකැට ගස්කොලං නැවුයන මග හන්දා
අධිරජ වලින් සමහරු හූනියංද කලා
වෙහෙසී වැඩකරන මේරටෙ ජනයාගේ
අටුකොටු පිරී මුදලුත් ටිකටික තරවේ
මේගැන ඇස වැටුන ප්‍රේතයො එකතුවුනේ
වැඩක් නොකර මේ සැපගන්නට සිතුවේ
ඉදෙනා බත් හැලියට උන්ගේ අතල දමා
උන්ටද උන්ගේ පෙරේත පවුල් තකා
දිලිදු යසස් බාල මහලු උන් නොතකා
ප්‍රේතයො එකතුවී අපෙ බත්පත කන්නා
ප්‍රේතයො එලවන්න කියලා කට්ටඩි ආවා
තොවිල් පවිල් කිය කර අප රැවැට්ටුවා
උන් ඔක්කොම එකම නැට්ටෙ දෙහි හින්දා
ආතුරයන්ට සුවයක් ලග නොපෙනෙන්නා
හදිහූනියං මලපෙරේත කට්ටඩි එලවන්න
සිහිකල්පනාවෙන් දවසක් මෙහි තිබුනාට
බලලොබ ප්‍රේතයන්හට එක්වී රගන්නට
ප්‍රේතකොටුව සාදා දෙන්නේ අපි නොවෙද??
කවිය බලන්න
සිදු වෙන්නේ ආයෙමත් අහුවෙන්න කාලෙකට
ආයෙමත් පටන්ගෙන පෙර පුරුදු පොරයක්
පිල් බෙදී මඩ ගසයි නැත කිසිම අරුමක්
නිදහසින් පසු ගෙවුණු කලම සත් දශකක්
කවදාද දකින්නේ අපි අලුත් එළියක්
පාට ලකුණුත් සමග ජාති කුල මලයක්
අල්ලගෙන යන්නේම නිමක් නැති වලියක්
නඟන්නට හදන්නට නැත කිසිම දැක්මක්
ඡන්දයෙන් කරන්නේ උන්ගෙ මඩි තරයක්
සුදුසුකම් පලපුරුදු හොයන කොට ජොබ් වලට
කවදාද හොයන්නේ රට කරවන අයට
සැලැස්මක් විනය හා විනිවිදව වගවෙන්ට
හොයන්නේ නැති පවට වෙන්නේ යළි අහුවෙන්ට
හෝද හෝදා දමන පරණ රෙදි මළුවලට
වෙස් මූණු දාගෙනම එන්නේ අපි අන්දන්ට
තෝර බේරා නොගෙන කතිර ගහනා අයට
සිදු වෙන්නේ ආයෙමත් අහුවෙන්න කාලෙකට
කවිය බලන්න
ජනපති වරණය
ජ නතාව වෙත සිනාවෙන මූණු අලෝපු
න ගරයේ හන්දියේ බිත්ති හැඩි කරාපු
ප න්සිල් රකින සුදු ඇන්ද හොරු කියාපු
ති ත්ත රස පැණි කියා දෙනව ලණු දිරාපු
ව ර්ණ ළකුණක් අතර ඉලක්කම් නටන්න
ර ණ්ඩු කරමින් නිතර පැති අතර දුවන්න
න යන යුගලම අඳව කතිරයක් ගසන්න
ය ලිත් ඡන්දය ඇවිත් ආයෙමත් බෙදෙන්න
AnA 09/2024
කවිය බලන්න
හැත්තා පස් වසක්
හැත්තා පස් වසක් සූරා උලා කමින්
නැත්තා වස් දොසක් පාරා දිදී නොමින්
ගත්තා මස් රැසක් වාරා නොවී පෙමින්
දත්තා බස් පසක් කාරා ගසා ලමින්
දෙසිය විසි පහක් දන පුටු රත් කරලා
කොමිස් මුදල් තම පරිහරනෙට ගැනලා
පර්මිට් එකට සුර සැප වාහන පැදලා
"පටි තද කරගනිං ජනයාණෙනි" උඹලා
ගාලක් දෙවෙනි නැත මැති සබයක මහිමේ
කාලක් ගහපු උන් ලෙස හැසිරෙන අරුමේ
දාහක් කියන අඬ වැඩියා තම උරුමේ
පාටක් නැතිව අහකට දමමුය කරුමේ
කවිය බලන්න
කන්නලව්ව
සිරි සුමන දෙවියනේ-කතරගම දෙවිදුනේ
හෙලබිමට අරක් ගත්
විෂ්නු දෙවි රාජුනේ
කාට කියමිද මේක
සිව්දෙසට වරම් ගත්
දෙව්‍දුන්ගෙ තේජසින්
ලක් අම්ම රැක දෙන්න
හැත්තැපස් වසරක්ම
හුඹස හැදුවේ අපියි
කෑම ගෙයි ගොඩ ගැහුවෙ
දරුවන්ට සැප දෙන්ට
මගේ දෙස අරක් ගත්
විෂඝෝර සර්පයෝ
හුඹස තුල රිංග ගෙන
සැප විදියි පෙම් කෙලියි
හඩා වැලපෙන වේයො
දෙස බලා සිනාසෙයි
ඔබත් ඇයි ලක් මවුනෙ
පියා නෙත් අහකට හැරුනෙ
වසර හැත්තෑ පහම
නෑසුනිද ජඩ වරුනෙ
සසිරිබර ලක මෙසිරි
බත බුලත තිබු සපිරි
හිගමණට පත් කල සුපිරි
දේශපාලුවො පදිරි
වෙනස් කරමින් පාට
කොටු පනින ජඩ නිවට
පාලකයො මේ රටට
උරුම උනෙ අපෙ පවට
දෑස් පියවුනෙ ඇයිද
ලක් මෑනි ඔබ නිදිද
බැංකු කැඩුවේ කවුද
හොරා කෑවේ අපිද
පෝලිම් හැදුව උන්
ජඩ මාධ්‍ය රැක්ක මුන්
රට නය කරෙත් මුන්
අප නොමර මැරුවෙ මුන්
බඩ තඩි මහත් හොරු
රැගෙන ගොස් පෙට්ටි පලතුරු
බොරු ඇදබාන නිරතුරු
එහෙයියා කියයි ඇදගත් හොරු සිවුරු
පොලිස් මුර හොරු රැලට
ජනතාව මහ මගට
මාසයේ අන්තිමට
ටැක්ස් ගෙවාපන් උන්ට
අත පයත් වෙව්ලමින්
කතා බැහැ ලොඹු කටෙන්
රට හදන නියායෙන්
අල්ල ගෙනමයි දැන් ඉන්නෙ උන්
කුඩු නැව් බාන කොට
ඇස් වැසිල තිබුනාට
අයිස් කොටුකරන මග තොට
ඇත හමුදාව වට කොට
මාධ්‍ය ජඩවෙලා
උසාවිය කොරවෙලා
තරාදිය ඇදවෙලා
පැත්තකට බරවෙලා.
හාල් ටික, සමුර්දිය
අස්වැසුම, වැඩි පඩිය
විශ්‍රාමෙ,වැඩි පොලිය
කලඹවයි ජන රැලිය
හිස් කබලෙ මොලේ නැති
හිගන ගොන් රැලක් ඇති
වෙච්චි දුක් මතක නැති
හරක් රැල එම මගම යති නිති
සමන් දෙවි රාජනේ
කතරගම දෙවියනේ
විශ්නු දෙවි රාජුනේ
වරම් දෙනුමැන දෙවියනේ
හිස් කබල සුද්ද කර
පුංචි මොල ඇතුල් කරාවදි කරවනු මැන
මෙහි නිදන ගොන් රැල
කවිය බලන්න
අහස් මාලිගා
තම්බපණ්ණි අහස පුරා
අන්දකාර පටල වසා
නිල් රතු දම් කොල එලලා
රටා වියනවා,
සදෙව් ලොවින් ගෙනා ගමන්
රන් තරු මැද මවා විමන්
සක්විති වත් පුරත් යළිත්
දේව දූතයෝ,
හුරුව අරන් එදා පුරුදු
පිල් බෙදිලා රංචු වෙවී
මැව්ව බවන් වෙතට යන්න
බැන්දට ඉණිමං,
කුමන විමන් මතට ගියත්
කිව්ව කිවුම් පුෂ්ප පිපී
පල බර වෙද සියක් දහක්
ප්‍රාර්ථනාවෝ,
කවිය බලන්න
කොඩියෙ සිංහය
කොඩියෙ සිංහය
ඔලුුවත් නවාගෙන
බර කල්පනාවක
කට්ටිය ආයෙ
සිංහයගෙ ඉරණම
විසඳන්න හදනව.
පහකට කලින්
ආව සුරු විරුවෙක්
සිංහය කණපිට ගහන්න
රජ කරවන්න
ගැහුව තමයි
මුළින් කෘෂි කර්මය
පස්සෙ සිංහයගෙ කර්මය
නන්නත්තාර කරල යි
පස්ස බැලුවෙ
ඇදල දැම්ම පාරට ම.
හැමදාම පුටුවට
කෙල හලල
වැලේ වැල් නැතුව
හිටපු හාදයෙකුට
පෑදුනා පින
දැන් ලොකු ටෝක්
දෙන්නම් ගේම කියල
තව දෙතුන් දෙනෙක්
කැරකෙනව
එක්කෙනෙක්
ලංකා පුරය ගිනි තියපු
හනුමගෙ මුණුබුරෙක්
තව කෙනෙක්
හීනියට මානෙ තිබුණ
පුංචි ලොක්කෙක්ගෙ
ලොකු පුතෙක්
අනේ මං ද
සිංහය ඔලුව කහනව
පරමාධිපත්‍ය මහත්තුරුණි
කඩුව ලැබුුණෙ කාලෙකින් නෙ
ටිකක් වනල වනල
හිතල හිතල හිතල
ගහල දාමු
කැපිල ම යන්න
නේ ද
17-08-24
කවිය බලන්න
අපේ ලොක්කා
බුරියට පහලින්
කලිසමකුත් ඇදන්
අතින් උස්ස උස්සා
ඉනේ රදවන්න
දරන වෑයම
දැකල....
මොන්ටිසෝරි යන
පුංචි පැටවුන්
උඩ පැන පැන හිනාවෙනව,....
හයි කරගන්නවා හලෝ
කලිසමට උර පටි දෙකක්
යන්න එන්න පුළුවන්
ගමන් බිමන් ඡන්ඩියට
තමුසෙගෙ වැල් පාලමෙ
කලිසම් සාක්කුවේ
දෑත් ඹබාගෙන
නිවටයෙකු වෙන්න එපා
රෝයල් කොලිඡියටත්
ලැඡ්ඡයි හලෝ
කවිය බලන්න
ඕං ආවා කාලය හුදී ජනයා බොරු අහන.
හීන අරගෙන තාප්පවල පාප්ප ගා අලවන
හාල් සීනිද ඇස්බැස්ටද නිර්ලෝභී ව බෙදන
දැන්වීම් ඇලවීම තහනම් වචනයත් වහන
ඕං ආවා කාලය හුදී ජනයා බොරු අහන.
එක එකා පොර කකා ලමයි නලවන
කඩේ පිලේ වීදුරු අරන් තේ බොන
කන්ද කපා ඇල් හාල් ඉසින
ඕං ආවා හිතවතුනි බඩ මහත උන් අපිව නලවන
ඇල වේලි හද හදා කනු හිටවන
පිට අත ගගා උන්ගේ හොරි කහන
ටී පනස් හය මුරට ගෙන මල් පුදන
ඕං ආවා හිතවතුනි විනෝද සමය පෙන්වන
එක පතේ කකා උදේට උගෙ පලු අරින
ආයෙත් රෑට උන් එක පතේ කන
උං වෙනුවෙන් අපෙ උං එක එකා බෙදෙන
ඕං ආවා කාලය අපේ උං ගොනාට අඳින
කාපන් මා පුතා කියා ලනු ගිල්ලවන
අපේ උන් උන්ම කපාගෙන මහගෙන අඳින
ඊලග අවුරුදු පහත් ඇදගෙනම නාන
ඕං ආවා කාලය උං රජ කර අපේ උං බලුවන
කවිය බලන්න
මෙදාසැරේ
ගහ දන්නා අපිට තවත් කොල කඩ කඩ දෙයි
පානා අඬහැරෙන් දැනේ හාන හීය කොයි
ඉඟුරු දීල මිරිස් අරන් කුමන පලේ කැයි
හරකා හැරෙද්දී දැනගව් පොල් පැලේම කයි
රැයෙහි වැටුනු වලේ දවල් වැටුනෙ මෝඩ ගොයි
බැටළු හමට යටින් වෘක වළිග නොපෙනෙ දැයි
ගහේ කටුව උල් කරන්න අවැසි නොවේ මැයි
පියා කරපු දේ නොකළොත් නොට්ටුගෙ පුත් තුයි
ගහෙන් වැටිලා ගොනා ලව්වා ඇණුම් කන්නෙ ඇයි
දශක හතක් ඉඟුරු දිදී ගත්තෙ මිරිස් වෙයි
පනින්න පෙර සිතා බලනු වටින ඔවදැ නයි
මෝඩවුණොත් රටක් කියලා දෙයක් නැතුව යයි
කවිය බලන්න
ජනපතිවරණය ඇවිදින් ...!
ඡන්ද කාලයක් එන විට ඉස්සර කොච්චර කැමතිද
වින්ද වුනත් නෙක කරදර දරුණු වුනේ කොයි ඇමතිද
නින්ද නැතුව අප ප්‍රතිපල බැලුහැටි මතකේ නොමැතිද
අන්ද වෙලා බලයෙන් නැත්තේ කවුරුද කියනු මැතිඳ
පක්ෂ පාට ජාති කියා බෙදිලා නෙව අද හැමදෙන
දක්ෂ කියල හිතාගෙනයි කතිරෙ දෙන්නෙ උඩ පැනගෙන
වෘක්ෂ දේවතාවො වගෙයි කියන්නෙ දේවල්, ගෙනදෙන
යක්ෂ ගතිය එළි දකින්නෙ බලය ලැබුනමයි, රඟදෙන
ඇවිදින් චන්දයක් තෝර ගන්න අපේ රටෙ ලොක්කා
ගෙවදින් ඉල්ලයි මනාපෙ සේ අවිහිංසක සොක්කා
නොවඳින්නට වග බලාන ඉනු, කීවත් අනෙ මක්කා
"නොබිඳින් ඔය දෙන පොරොන්දු! "කිවයුතුමය උන් එක්කා
'කල දුටුකල වළ ඉහගන්' කියලා මම අසා ඇතේ
මල පැන්නත් ඉල්ලං එන අය දැක්කම අනේ පුතේ
'දොල' දෙන්නේ මෙන්න මේව කර දුන්නොත් කියල පොතේ
ඇල පිල්ලක් නෑර ලියල, පෙන්නන්නට කාලෙ වෙතේ
කවිය බලන්න
තවත් එක හීනයක් …
කොළ පාට
රතු පාට
නිල් පාට
කහ පාට
පාට පෙට්ටියෙ තිබූ
හැම පාට
හැම දාම
මුව පුරා ගල්වාන
උමතු සිනහම පාන
හොරු කැලකි
සදාකල්
බොරු පොරොන්නුම පුදන
කවිය බලන්න
විශාලාවක්
දෙවියනි ඔබ කොහෙද
සත් සමුදුරින් එහාද
දෙවි බඹුන් වෙසෙන ලොවකද
තවම ජීවත්ව සිටීද
සුරසැප විදීද
ඇස්කන් නොපෙනේද
දිළිදු කම ලොව වසාගෙන
බොරුව හොරකම රජවීගෙන
නැත්ත ඇත්ත ලෙස මවාගෙන
ගලා යයි වතුර මිටි තැන් සොයාගෙන
මිනිසුන් මරා රජිදුන් බල රකින්නේ
නොමැරී මැරී දිළිදුන් දිවි ගෙවන්නේ
ඇත්තෝ ඇති දෙයින් දිවි රස විඳින්නේ
නැත්තෝ නෑ කියා කාටද දුක කියන්නේ
සුචරිත ලෙසින් දුසිරිත් වෙස් ගන්වන්නේ
මිතුරන් ලෙසින් එන්නේ සතුරන් වන්නේ
සුදනන් ලෙසින් දුදනන් බණ දෙසන්නේ
උගතුන් ලෙසින් හිස් කළ ගෙඩි සැලෙන්නේ
පරිසර මෑණියෝ හැමදාමත් කෙලෙසෙනවා
දරුවන් වැදු බුදු අම්මලා තනිවෙනවා
දුක් ගන්නා රාළලා දුක දැක සැඟෙවෙනවා
උස් මිටි කම් බලා නීතිය කිච වෙනවා
කවිය බලන්න
අලුත් හිරු රැස් සිපින්නට බිම.
අන්දකාරේ ඉන්නෙ ඇයි අපි..
පරණ ඉරවල් එක්ක හැමදා.
අලුත් හිරු රැස් සිපින්නට බිම...
වැටෙන්නට සුබ නැකත එන දා.
කීප දෙනෙකුට අතින් අත යන...
කෑම බන්දේසියක් නොහදා.
දාන චංදය අනුර නැකතින් ..
දමව් මළ ප්‍රේතයන් පරදා.
***********************************
තාප ගිනි දැල් වලින් දා ගිය..
පන්සලක් පිංවන්ත පෝ දා.
සීත පැන් ඉස වන්දනාවට ..
යළිත් සකසන දිනය එන දා.
ඈත දුර දිග බලාපල්ලා ...
සිතා පල්ලා නුවණ විහිදා.
සාප ලත් දේශයක් කළ රට...
සඳුන් කිරි කහ දියෙන් සෝදා.
*************************************
පාට කුණු ඇස් වලින් ගලවා ..
ඔලුවෙ මළකඩ අතින් පිහිදා.
සෙනසුරන්ගෙන් බේර ගමු රට...
චන්දෙ දවසෙදි එදත් සනි දා.
**********************************
ගාමිණී මද්දුමගේ
වෛද්‍ය නිලධාරී
බන්ධනාගාර වෛද්‍ය ඒකකය
බදුල්ල .
කවිය බලන්න
Battle!!!! - Lumbini Vithana
In the race for power, they clash and fight,
Accusing, blaming, day and night.
Yet in their battles, we lose sight,
Of the truth that serves the people's light.
කවිය බලන්න
දිශානතිය
අපගේ මුතුන් මිත්තන් කල වරදකින් පුතේ
රට කන්නන් රැලට පාවාදීල ඇතේ
උන් රැල ටිකෙන් ටික රට විකුණමින් ඇතේ
මහ බැංකුවේ හොරා දැන් රට කමින් ඇතේ
තිබුනත් සිතියමේ ලංකාවක් ඇඳලා
ඉන් හොඳ කොටස් ටිකකට මුන් ඇත විදලා
බේරා ගන්න ඉතිරියවත් වෙර දරලා
දිශානතිය දෙන මග යමු පෙළ සැදිලා
සැත්ත හය වසක් ලක් මව විදි සාපේ
කරවමු නිමා ජය දද බැඳ ලක් දීපේ
මාලිමාව කර මහජන බල වේගේ
යලි රට ගොඩ නගමු මේ පැතුමයි අපගේ
මජන පැතුම් සිතුමන් හොඳ හැටි දන්න
ඇත පරපුරක් රට දැය හදනට දන්න
ජනපති චන්දයෙන් ලක් මව දිනවන්න
මලිමාවට ඔබේ ජන්දය දෙන්න
28 අගෝස්තු 2024
කවිය බලන්න
කතිරය
අහස බරයි කඳුලින් පිරි වලාකුළු
සුලඟ හමයි අමිහිරි සුවඳකින් වෙලූ
කිරණ එවයි හිරු කම්මැලි කමින් පිරු
රටම නටයි හෙලුවෙන් කෝ සියුම් සලූ
කකුලුව කෙලින් යන්නට අද පටන් ගෙන
මත්සයො ගොඩට පීනා දිවි නසාගෙන
සේපාලිකා මල් උදයට පිපීගෙන
එනවිට නෙලුම මැලවී දියෙ පාවී යන
පාට පාට කොඩි ලෙලදෙන සමයකි දැන්
ලාභ ලාභ ගැන සවනට ඇසෙමින් දැන්
සටන් පාට ගුවනේ ලෙලෙදෙනවා දැන්
මේවා සමග ගැටෙමින් හෙන අහසේ දැන්
ටිකට් නැතිව නැරබිය හැකි මෙවැනි රැගුම්
ක්‍රිකට් බලනවා මෙන් තුටු වෙමු සුවයෙන්
පොකට් එකට වැදෙනා වග සිහියෙ තියන්
විකට් වැටෙන විට කම්පා නොවී සිටින්
බිනර සඳේ මේ රැගුමන් නැරබන්න
සිදුවෙයි අපට නමගිය නලුවන් ගෙනෙන
"පැති මාරුව" බොරු පොරොන්දු ඉවසන්න
විසි එක දිනේ කතිරය අපෙ විසඳන්න!
කවිය බලන්න
නරපති කබල් තමයි
"පාලිමන්ට්" නර හොර නඩේ
දඩබ්බර වී අඬහැරේ
ඇන්දෙ උන් සුදු වස්තරේ
වෙන්නෙ වැඩ නිර්වස්තරේ
දනන් වෙනුවෙන් පාලනේ
නො කර නිති කයිවාරුවේ
මීට එරෙහි ව නායකේ
තමා ජනපති පාලනේ
හොරා කන උන් වැඩිවෙලා
අපේ උදරය රත්වෙලා
රටේ මත් කුඩු වැඩිවෙලා
මොලේ පිස්සුව පැතිරිලා
කොත්තු රයිස් අප්පුලා
පැත්ත පිනුම් අප්පුලා
පන්නමු එකමුතුවෙලා
ඡන්දෙට කතිරය ගසා
කවිය බලන්න
රට ජාතිය සන්ස්කෘතිය මට මුල්තැන වන හින්දා
දේශපාලනෙට අදාල හතුරො මිතුරො නැති හන්දා
තම තමන්ගෙ මතවාදය කවදත් ගරු කල හින්දා
රට ජාතිය සන්ස්කෘතිය මට මුල්තැන වන හින්දා
අපේ අයට පනිවුඩයකි හදතුල සෙනෙහස රන්දා
ගැහැනිය මුදලට විකිනෙන ගනිකා වුර්තිය රකින්න
සමලින්ගික වනචරකම නීතිගතව සිදු කරන්න
අපේ ලමා තරුන පෙලට ඒඩ්ස් රෝගෙ පතුරුවන්න
මාලිමාව මේ හදන්නෙ හෙලජාතිය දිය කරන්න
ලක්මව තුල දැවෙනා ප්‍රස්නය මේවාදැයි අසන්න
ලක්වැසියගෙ අදෝනාව මේවා පිනිසද කියන්න
අපේ සන්ස්කෘතිය එදත් සුද්දට බැරිවිය නසන්න
එය මිහිදන් කල දවසට සුද්ද ඒවි රට කරන්න
බෙදුම්වාදි ත්‍රස්තයීන්ගෙ විරු සැමරුම් පවත්වන්ට
නිදහස දියයුතුයි කියා රට බෙදුමට උදව් වන්ට
මෙය හෙල බොදුරටක් නොවෙයි කියමින් බොදුකම නසන්ට
මාලිමාව වලිකන්නේ අධිරද උවමනාවන්ට
රටෙ සම්පත් විකුනනවට විරුද්ධයක් නැත
ඉන්දියානු ව්‍යාප්තවාදයටද ඉඩ දෙත
රටපාවාදෙන හොර ගිවිසුම් ගානක් නැත
එන්ජීඕ ඩොලර් මාලිමා රජ කර ඇත
කවිය බලන්න
දෙන්නම් කෝ ලොක්කා පිම්බෙන්නට බොක්කා
ලොක්කෝ එකතුවී
චන්දය ඉල්ලන්නේ ......
දෙන්නට තමයි පෝළිමේ
මේ අපි ඉන්නේ .......
පිම්බුණු බඩ ඇත්තේ
මේ සැරේ තමයි
බොකු පිම්බෙන
සැප ගන්නේ .......
හොරි හොරු එකට
එක්වී ගේමට එන්නේ
බුදි වගෙ ඉඳන් අපි
21 සලකන්නේ ......
කවිය බලන්න
කතිරේ යුද්දෙ ට නරයින් සැරසෙයි
රඟමින් අලි මුට්ටිය නැමුවේ
කඳු දෙස බලමින් බලු බිරුවේ
නීතියෙ විනිසුරු අණ කෙරුවේ
ඉල්ලාගෙන අලි - බලු නෑවේ
කුලප්පු වී අලියා තනියා
ඇත් ගොව්වා නිදි ළඟ නරියා
රතු කර පටි බැඳි දිය බරියා
පෙන්වයි මුහුණත මත සිරියා
දෙපයින් ඇවිදින ගවයින්නේ
තණ වෙනුවට බත බුදිමින්නේ
අලියට නරියට රැවටෙන්නේ
දේශය ඔවුනට පවරන්නේ
කතිරේ යුද්දෙ ට නරයින් සැරසෙයි
රට වැසි රවටන ක්‍රම ගැන සලකයි
ඔවුනට කරුණා වදනින් අමතයි
දෙවොලේ දෙවි රූ පාදය ලෙවකයි
තව විසි වසරයි දෙරණ ම දිදුළයි
එලෙසින් කියමින් ඡන්දය ඉල්ලයි
අත් විසිකරමින් සිරස ද හොල්ලයි
බෙල්ලේ එල්ලෙන මහ පච මල්ලයි
කවිය බලන්න
චන්දෙට තිස් නවයක්!
මම නිකමෙක්, ඔබ කව්ද?
ඔබත් නිකමෙක් වත්ද?
එහෙන්ම් අප නිකමුන් දෙදෙනෙක්
මේ බැව් නොපවසව කිසිවෙකුටත්
එයම ඇති වැදගතෙකු වනු වස්
ජනපති චන්දෙට තිස් නවයක්!
නිකමුන්, වැදගතුන් සම්මිශ්‍රනයක්?
සීලරතන හිමි සමගින් කේ කේ පියදාසත්
නිකමුන් නැත, දැන් සැම වැදගත්
ඉඳ හිට වොයිස් කට් දුන්නත්
ලැබෙයි චන්ද සීයක් වත්!
නිරන්ජන් සෙල්වදුරේ
(එමිලි ඩිකන්සන්ගේ I am nobody! Who are you? කවියේ අදහස ඇසුරිනි)
කවිය බලන්න
නරි බෑණා නාටකයක්ද
අද දිනය නිකිණි මස පළමු වන දවසය
බිනර මස අගට යෙදී ඇති ස්වයංවරයක් පිලිබඳව
දැනට අප වෙත ලැබී ඇති තොරතුරු කිහිපයක්
සටහන් කර ලන්ඩන් කවියට යවන්නට සිතිණ
'තෝව දෙන්නෙ නරියටයි' යන වදන් කණ වැකී
ගම දෝණි ඉල්ලා මුලින්ම ඇප බඳින්නේ කවුද?
වයස්ගත ඒ මනමාල මහතා උගත්ය වංශවත්ය
'දිය යට ගිනි' ගෞරව උපාධිය ප්‍රථම පෙළ සමතෙකි
ඉතා දුක් මහන්සියෙන් අධ්‍යාපනය නිම කළ
විද්‍යා උපාධිදාරි- පැළවත්ත සුපිරි මාලිගයක් තැනූ
කතාවේ අතිදක්ෂ විප්ලවවාදී ගැමි තරුණයෙක්
දිනන්නේ තමන් බව කැට තියා ලොව වටා සැරිසරයි
රෝහණ දේශයෙන් පැවත එන වලව් පවුලක
සුදසු පුද්ගලයෙක් නැතත් පණිවිඩ කරුවෙක් තෝරා
ඉක්මනින් ඉදිරිපත් කරන බව අණබෙර ගසා කියයි
රාහු කාලය අනුව හොඳම තීරණය ගනු ඇත
කෙසෙල්වත්තේ දුප්පතාගේ හිතවතාගේ පුතානෝ
උතුම් ලන්ඩන් පාසැල් සරසවි දිවියෙන් අනතුරුව
ඒදණ්ඩෙත් යාහැකි බවද අන් හැකියාවන්ද දක්වා
කුංචනාද පතුරමින් සටන් බිම වර්ණවත් කරයි
යුදභට ඉංජිනේරු ව්‍යාපාරික පූජක වැනි අන් චරිතද
වරින්වර වේදිකාවට නැග වීර ගී ගයනු දැකිය හැක
ස්යංවරය කල් යන කතාවක්ද ඉඳහිට කන වැකේ
'එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලං' බැලිය හැක
කවිය බලන්න
ජගතෙකි තවත්
ගුගුරන ලෙසින් ගොරහැඩියෙන් කෑගසන
කියමින අනුන් කළ වැරදිම නිති තුටින
ගසමින් සුරත් හඬ ඔවුනට ආවඩන
කැලකට දැනේවිද රට යන අත හැරුන
හරඹෙකි වචන හරි හරියට ඔපදමපු
ජගතෙකි තවත් හරි හරියට වැඩකරපු
කියුමකි තදින් හරිහරියට දුක දැකපු
සැකයකි නැගුන හරි හරියට වෙස් බැඳපු
දෙවොලකි සිටින දෙවඟන ඇති ඇස් බැඳපු
යැදුමකි නිතින සාදාරන කම්, හොයපු
ලැබුනිද කවද ,නොදනිමු මේ ඉල්ලාපු
පිරිසකි සැකිලි හිත්ගින්නේ කරකරපු
කඩිනම් සැලසුම් ද , අරඹන සමයක්ය
රටටම සෙතක් සලසන ,නිති පිරිසක්ය
පෙන්වන මවා හරිලස්සන පෙනුමක්ය
මෙතුවක් කොහේ සඟවා ගත් වරයක්ය
කවිය බලන්න
වෛවර්ණ නින්ද්‍රාව
වෙහෙසකර දිගු දවස අවසන
තැලී පොඩි වුණු සිරුර සහ සිත
සුසුම් දියකර පිරිමදින සඳ
නින්ද්‍රාව ආවේය නොදැනිම
වෛවර්ණ ගෙත්තමක් විලසින
දිලෙයි දස අත මවා පෙළහර
රාග මදු සුව පරාජය කර
සලිත කරවයි සිරුර නව රස
පියාගේ නම කරින් අරගෙන
පුතුන් දෙදෙනෙක් නඟියි මඬලට
එකෙක් හිනැහෙයි නොදැන වගතුග
එකෙක් කියවයි නොදැන අර්ථය
අතීතය ගැන මතක අල්පයි
මහල්ලෙක් පෙර නිමිති පවසයි
සුහුඹුලෙක් කෝෂයෙන් ඇවිදින්
තටු ගසා ඉගිලෙන්න සැරසෙයි
සිහිනයේ සුභ නිමිති බෝමයි
වෛවර්ණ නින්ද්‍රාව රසමයි
නිදි බිඳුණු කළ රිදුම් එමටයි
හෙටත් දිගු දවසක්ම වේමැයි
වේල්සය,එක්සත් රාජධානිය
25.08.2024
කවිය බලන්න
ඡන්ද දායකයාගේ අඳෝනාව
උගත් බුද්ධිමත් අය තෝරා ගමු කියලා
කතිරය ගසා ආවත් කට්ටියව බලා
ආයෙත්පරණහොරුටිකඔක්කොම දිනලා
ඡන්දයඉවරවෙනකොටඅපිආයෙත් ඇඳලා
පවසා බොරුම අපහට ඇති ලෙස ඇත්ත
රවටා අපව මෙවරත් ඡන්දය ගත්ත
යටි මඬිවලට මාරුව වාසිම පැත්ත
ආයෙත් ආවොතින් ගන්නවමයි කැත්ත
විකුණා රටේ සම්පත් හෙට කරන බිලි
වේදිකාවෙ අමතන හැටි නැතුව විළි
සිදු වූ විනාසෙට මේ රට දැන් අපිද පලි
මනාපයක් උන් හට දිය යුතුද යළි
පාට වෙනස් වූවත් නිල් කොළ ද රතු
මේ හැම වේය සැමදා එක ගසක අතු
බිහි කරවන්න හෙටවත් දේශයක් පැතු
කිසිදා උන්ට වහලුන් නම් නොවිය යුතු
කවිය බලන්න
මේ කතාව ඉස්සරහට වෙනස් වෙයිද ?
උදයෙන් නැගිට අම්මා ලිප මොලවන් නේ
වැස්සට පෙඟුනු දර ටික නෑ ඇවිලෙන් නේ
දුම් පිඹ නොවෙයි ඇයගේ ඇස් තෙත් වන් නේ
හිස්බඩ කොහොම පොඩි දුව පාසැල් යන් නේ
හදලා දෙන්න රොටියක් පිටි ටිකක් නැ තී
ඊයේ පොල් බෑය දැන් මුඩු වෙලා ඇ තී
කඩදාසියක පරණ පාන් තිබෙන එ තී
ජොග්ගුවෙ කහට තේ වතුරට පෙඟී ය තී
වේලුනු ගවුමෙ වාටිය තවමත් තෙත ය
කොන්ඩෙට ගසන පීත්ත පටි දෙක කොට ය
මූනෙන් බාගයක් පෙනෙනා කන්නඩි ය
ඇය එන තුරුම ජනේලෙ ලඟ නිසසල ය
කවර ඉරුනු පොත්ටික එක අතක රඳ යි
සිත කය ඇස් දැහැනක සමබරව තබ යි
පරිස්සමින් ලෑලි උඩින් පා ඔසව යි
ලිස්සුවොතින් ඇගෙ සෙරෙප්පු දෙවි පිහිට යි
පොඩි කාලෙදි අම්මත් දිය පාර මති න්
සිහිවෙනවා ගිය හැටි පාසැල් අහඹෙ න්
චන්ද කාලෙ දුන් පොරොන්දු ඉටු වුනි න න්
අද යාවිද දුව වැල් පාලමක් උඩි න්
කවිය බලන්න
මැතිවරණ පණිවිඩය
නෙක නෙක පාට සලකුණු ගෙන හිනා වෙලා
මග තොට නීතීන විද්වත් ලෙස කතා කලා
හිස මත තබන කිරුළ ට නීති වශී වෙලා
රට ගැන හිතන කිසිවෙක් නැත ඉතුරු වෙලා
පාට පක්ෂ වෙන් කරගෙන හිටියාට
එක්වි හොරෙන් රඟනා රැගුමකි පාට
නම් ගම් වාසගම් වෙනසක් තිබුණාට
එක හැලියේ කණ බොන අය හැමදාට
කතිරය නිසා සිදුවන දේ කීමද කියා
විමසනු මැනවි සිහි නුවණින් නොමඟ නොයා
හරි ලකුණක් ලෙසින් කතිරය ලියා තියා
වැරදුණු විටදී වැලපෙන්නට එපා ඔයා
කවිය බලන්න
එවන් දේශය
කුමට දේශය?
දෘෂ්ඨි දැඩි වුව, නොමැති භක්තිය.
කුමට දේශය?
නොරට සහලින් පිස බුදින බත,
පොරව ගෙන සළු අනුන් ගෙන් ලද.
කුමට දේශය?
පුදන මැරවර,
පසසමින් සොර දෙටුන් නිල ලද.
කුමට දේශය?
හඩ නගනු නැති,
අවමගුල් පෙරහර තුලින් මිස.
කුමට දේශය?
ඔද වඩනු බැරි,
පොරණ දන නටඹුන් තුලින් හැර.
කුමට දේශය?
නිදන මර නිදි,
තබන තුරු දංගෙඩිය මත හිස.
කුමට දේශය?
පඩි වරුන් පිරි,
වෙළද සල තුල නුවන මිල කළ.
කුමට දේශය?
මුණි වරුන් ලද,
ඇවැසි නැති තැන රකින මුණි වත.
(ඛලීල් ජිබ්‍රාන් ගේ අදහසක්)
කවිය බලන්න
ආලය ❤️
මව්බිමේ වැලිකැට
දෙපා වෙලී සිඹියි
විටෙක කොනිති ගසමින්
හීනියට රිදුම් දෙවයි
මත්ව ඇති සෙයින් සෙමින්
ආදරෙන් පුරයි
විඩාඩාබර පතුල් සුව
රමණයෙන් වෙලයි
31/08/24
කවිය බලන්න
බිනර තරිඳු දිදුලන සඳ නිල් අඹරේ
බිනර තරිඳු දිදුලන සඳ නිල් අඹරේ
ගෞතම බුදු මෙහෙණි සසුන ඇරඹුණේ......
සම්බුදු පදවි ලැබු ගෞතම අපෙ මුනිඳු
සියපියරජුගෙ ඇරයුම ලැබුමෙන් යළිඳු
සියරට වැඩිය පෑයුවදා පුර වෙසක් සඳු
පන්සිය නමක් සමඟින් පුර සඳක් බඳු
බුදුබණ අසා ලැබුවා සදහම් රස පහස
පත්වූවා ශාන්තියට ශාක්‍ය බන්දු රැස
ගියපසු නන්ද හා රාහුල බුදුන් පසුපස
ගෝතමිතුමෝ පසුවූවා හුදකලා ලෙස
අවසර ඉල්ලුවත් පැවිදිවන්නට මහගෝතමිය
නැත ලැබුනේ දෙවන වරටත් බුදු අවසරය
කාලය ගෙවද්දි දුකෙන් සුළු මව් මහගෝතමිය
ඇවිලුණි එදා ශාක්‍ය කෝලිය ජනතා යුද්ධය
බෙදාගන්න නොහැකිව දිය රෝහන නදියේ
ඇරඹුණු යුද්දෙ නවතන්නට බුදුහිමි වැඩියේ
දෙසුදම් අසා කුමරුවො මහා ශාක්‍ය කුලයේ
පන්සිය දෙනෙක් එක්වර බුදුසසුනටම ගියේ
පන්සියයක් බිසෝවරුනුත් කුමරුවො නැති කලට
ගිහිගෙයි නොඇලී ලොල්වී සසුනේ ඇති පැවිද්දට
එක්රොක්විලා සැම එදා මහ ගෝතමියන් වෙතට
සිතුවා සමුදෙන්න එතුවක් විඳි ගිහිගෙයි රජ සැපට
මනමත් කරන රූ සපුවෙන් පිරි රජකුමරියෝ
වරලස කපා හිස මුඩුකරගත් දා තුරුණුලියෝ
සෝදා ඇඟලූ සඳුන් අභරණ සැම අතහැරියෝ
ගලවා කසී සළු සැම කහවන් සිවුරුපැළඳියෝ
විශාලා මහනුවර වන ශාලාවේ කූටාගාර
සම්බුදු පියාණන් වැඩසිටිනා අතරතුර
සුන්දර කුමරියෝ ගෙවමින් දුරු කතර
දැඩි වෙහෙසකින් ගියා ඒ සුවිසල් නුවර
සියුමැලි ලඳුන්ගේ පායුග ඉදිමී ඉරි තැලුනා
ඉරිතැලි දෙපතුලෙන් ලේ කැටි සැලුනා
රූමත් ගතේ දූවිලි කැත කුණු තැවරුනා
වෙහෙසට පත්ව පා යුගලත් බිම පැටලුනා
මහගෝතමිය බුදුහිමි හමුවීමට යන්නේ
මහණවෙන්න යළි අවසර ඉල්ලන්නේ
තෙවැනි වරත් බුදුහිමි නැහැ ඉඩදුන්නේ
කූටාගාර දොරටුවේ ඇය වැලපෙන්නේ
පන්සිය දෙනා ගෝතමියන් සමඟින් විසුව
දුහුවිලි ගතවැකිව දැඩි වෙහෙසින් යුතුව
සිටිනා විලාසය අනඳ මාහිමියන් දුටුව
විගසින් පැමිණ බැලුවා විමසා හේතුව
අසා සියළු තතු මා හිමියන් මහා ආනන්ද
ලබාදෙන්න ගෝතමියට බුදු සසුනේ පැවිද්ද
කුමරුන් කාලේ ඇයගෙනදුන් සුවසැප කන්ද
බුදු සමිඳුන්ට සිහිගැන්විය ලෙස මන නන්ද
අසා සියළු කාරණ බුදුහිමි රිසියෙන් යසට
පිළිගන්නේනම් ගෝතමියන් ගරු දම් අට
එයම පැවිද්දක් වන බව සසුනේ ඇයහට
දෙසුවේ බුදුරජුන් එදා අපෙ හිමි ආනන්දට
මහගෝතමිය ඇතුළුව පන්සියක් දෙනා
අනඳ හිමිගෙ සහයෙන් තම පැතුම දිනා
බුදු සසුනට ඇතුළුව කහ සිවුරු දරමිනා
බිනර පෝයදා මෙහෙණි සසුන ඇරඹුනා
කවිය බලන්න
අතරමං වූ විශ්ව යාත්‍රිකයෙක්
අපරිමිත විශ්වයේ විසිරුනු
දහස් සුවහස් තරු පංති මැද
අනන්ත අවකාශයේ පාවෙන
අතරමං වූ යාත්‍රිකයෙක්මි මම.
කොහේ සිට ආවෙම්ද නොදනිමි
කොයිබකට යන්නෙම්ද නොදනිමි
අතරමං වූ යාත්‍රිකයෙක්මි මම
ගමන් මඟ මැරි මැරී උපදින
ඉපිද ඉපදී යළිත් මියයන
අඳුරු විශ්වය පුරා සරන්නෙමි
තරුවැලින් තරුවැලට බලන්නෙමි
කලු කුහර තුල එබෙන්නෙමි
සියළු සත් වග අතර සොයන්නෙමි
මිනිසා මිනිසාට නොදක්වන
සොඳුරු ප්‍රේමය ලුහුබඳින්නෙමි.
(ළගදී නිකුත්වන මගේ “ආම්ස්ට්‍රෝං දුටු සිහිනය” කව් සරණියෙනි )
ආරියරත්න ජයසිංහ
කවිය බලන්න
පිරිමි කඳුලක්... - පවිත්‍රා සෙව්වන්දි උඩුවර ආරච්චි
පිරිමි ඇහැකින් කඳුළු බිඳුවක් දුටිමි ඉස්සර උදයක
පුරපු පෙරුමන් මදි නිසාවෙන් පිසලමිද එය කෙලෙසක
ගැඹුර කෙතරම් ඇතිද සිතමින් අද ද ළය බර සුසුමක
නුඹට වැඩියෙන් රිදුනෙ මටමයි මතක් වෙන හැම දවසක
අතින් අල්ලනු බැරි දුරක වුව දැනුණි කඳුලෙහි තෙතමන
මුවින් නොකියන හැඟුම් ගොන්නක රිදිලි ඒ තුළ සිරවුන
ඉතින් එදවස ගෙවුනු තත්පර කෝඩ සළුවෙන් වසමින
හෙමින් කෙඳිරිලි නගනු ඇසුණිද නුඹට හිමි මයෙ සිහසුන
පවිත්‍රා සෙව්වන්දි උඩුවර ආරච්චි
ගල්ලෑල්ල
රත්නපුර
Photo Credir; Vicky Hladynets
කවිය බලන්න
එඩිතර ගැහැනියක් ඇත මගේ ගමෙනුත් බිහිවෙලා
තිබුන දෙයකින් වාරු අරගෙන හැම සිතට තුටු ගෙන්වලා
කියන මැසිවිලි කෝඩ වැහි කළු නිමා කරනට සැරසිලා
හඬන ලක්මව දුකින් මුදවා අපේ කමටම හැඩවෙලා
දරන එඩිතර ගැහැනියක් ඇත මගේ ගමෙනුත් බිහිවෙලා
පබළු මුතුවැල් රුවට නැතිමුත් අතට වලළුයි මේ සොයන්නේ
කඳුළු දහඩිය වගුරවා දැන් නිදන පරපුර ඇහැරවන්නේ
සදළු තල මත වැතිර බැලුවත් සුගන්ධය යලි පැතිර යන්නේ
කිරුළු පලදා සුගන්ධිකලා ලොවම ජය ගෙන රැජිනො වෙන්නේ
ගිම්හානයේ ගස්වල නටු යලි දළු ලා නැගෙන හෙලේ
වස්සානයේ පැහැබර මල් අතු අග පිපි සුවද හැලේ
අභිමානයේ අසෙනි හඬට මෝර සුරා වහින වෙලේ
ගම්මානයේ තරු පොකුරුයි ඒ වැහි කළු නතර කලේ
කවිය බලන්න
මෙවන් මවුන් ...!
සබ්බ සකල වැඩ ගෙදරක පසෙක තබා
ගොබ්බ ලෙසින් දුරකතනයෙ දෑස් ඔබා
තිබ්බ කටේ කිරි බෝතලෙ, ඇගේ බබා
ඉබ්බ වගේ පැන්නේ නිදහසක් ලබා
එහෙත් ඇයට නොදැනුනි එය, වරද කොහේ
කොහෙත් දකින දුරකතනෙයි ඇගේ ඇහේ
නැහෙත් ඉතිං කිරි දරුවන් එහේ මෙහේ
බෙහෙත් විද්ද හින්දලු ඔය, කනට ඇහේ
මෙවන් මවුන් පෙර හිටියද කියා සැකයි
සවන් පිනන ලෙස නැලවුයෙ තමා නොකයි
දුවන් එන්නෙ වැටුනොත් ඒ මවට දුකයි
කවන්න ගත් වෙහෙසක්, ඔය කීවෙ ටිකයි
ලමා ලපැටියන්ගේ කල දවස ඉතිං
කොමා, තිත් අතර දිවයයි සිතමි සිතිං
යොමා නෙත් නොබැලුවොත් වෙයි උනුත් 'නතිං'
පමා නොවී පිළිසරණක් පතමි බැතිං
කවිය බලන්න
දෙවොන්දරා සං ට මෙහෙම හිතෙන්නත් ඇති...
නොරිකෝ වෙත...🌸🌸🌸🌸🌸
පිපුණු සකුරා මලක් මෙනි මට
නුඹව තුරුණුව පෙනෙන්නා..
හදට ඉඩ දී නුඹෙ හීනී ඇස්
සොහොන ළඟ ඉකි ගසන්නා
කවි නොතේරුම් බස හින්ඳාම ඔය
රෝස කම්මුල් බලාන
ආදරේ විඳි හුඟ හුඟක් හෝරා
තිබ්බා ගොළු මුව පුරාම
දිගු වරලෙ කහ එක් කිමෝනාවක
ඇවිදිනා නුඹ දිහාම
බලා හුන්නා මෙතෙක් කල් මං
ආදරේ යැයි කියන්ට
සඳ නුරා කැන් ළඟ ආලයේ මම
රහසේම සැඟවුණාම
කියෝතෝවෙදි අන් අතක් ළඟ
නුඹව පැතුවා ඉබේම
මත් වෙලා ඒ මල් රඟන හවසක
මතක් වී නුඹෙ හිනාව
හීනි ඇස් නුඹෙ දුකම කීවා
පාළුවේ මා පතාන
සෘතු නොම වෙන මගේ දීපෙම
ඇහළ ගස් ළඟ මිළාන
පන්හිඳට ගොඩවිමී ඇන්ඳ සිතුවම්
නින්ඳ නැති රැය සොයාන
අසකුසා නුවරින් ගත්තු පහනක
මැවෙන නුඹෙ රුව මවාන
ඉකි තබා දෙනයන එදත් ලිව්වේ
ප්‍රේමයේ මගෙ කතාව
තබා නරුපට සිහල ඔසරිය
පලන්ඳා තැලි අගේට
නුඹව සින්නක්කරව ගන්නට
හිතුවා සත්තයි පතාන
මකා පාළුව නුඹේ දෑතින්
පතිනි වී තනි රකින්ට
නුඹත් පැතුවා මගේ හීනෙක
තත්පරෙත් සැරිසරන්න
හුස්ම යනකොට ආදරේ මැද
නුඹේ ඒ ඇස් බලාන
ජීවිතෙන් මම පරාදයි දැන්
සමාවන් සඳ මගේම
යළිත් මතු භව උපන්නොත් මේ
උමතු හදවත පුරාම
ආදරේ උතුරන්න තියෙනව
නොරිද්දමි කිසි දිනේක
නොගියොතින් මං එන්න බෑ දැං
යන්න වෙනවා ඉබේම
ලොවක ඇත්තේ යාම් ඒමුයි
කිඋවා දවසක් මෙමාම
ළඟ උන්නු කාලේ පමාවීවත්
නොදුන් හාදුත් දරාන
ආදරෙයි ආදරෙයි නොරිකෝ
මං දෙවොන්දර සං නුඹේම
#dinulyrics
කවිය බලන්න
මනමේ
හිත බැඳී වෙන හිතක
හද රැදී වෙන හදක
නෙත ගැටී වෙන නෙතක
රුව ඇඳී වෙන රුවක
කඩුව දී වැද්දාට
කොපුව මා අත තැබූ
කුමාරිගේ අතක් ගෙන
වැද්දාගේ අත තබා
“බලා ගනින් දෑස මෙන් ,
මේ මගේ වස්තුව ,
කරන්නට එපා නරකක් ,
නපුරක් කිසිදාක”
කොඳුරා කියූ මම
මනමේ !
කවිය බලන්න
ගිම්හාන කවිය
නිවසින් නික්මී
විවිධ දේ බලන්නට යමි
දකිමි,
දිලිසෙන හරිත සමක් ඇති ගෙම්බිය
ලිහිසි වේල් පටක් වැනි ඇගේ බිත්තර
රන් පැහැති දාර ඇති දෑස
ඉහලට මතු වූ නෙලුම් මල් සහිත විල
තැන තැන රෝස පැහැ මල් ඉහිරුණු
එහි උණුසුම් ඉවුරු
සහ දීර්ඝ, නිශ්චල හවස් වරුව
බිමට වට සුදු වලාකුළක් වැනි
සුදු කෙකින්න
සෙමෙන් එක් අඩියක් තබා
මඳක් නැවතී
අනෙක තබන්නීය
බලා සිටිමි
නිසල දිය මත
ඈ
තමන්ගේම මෘදු පා සටහන් කවිය
ලියන අයුරු
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Summer Poem’ by Mary Oliver
Mary Oliver (1935-2019) ඇමෙරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේ උපත ලැබූ කිවිඳියකි. ස්වභාව ධර්මයේ සුන්දර බව කවියට කැටි කරගැනීමට මහත් සමත්කමක් දැක්වූ ඇය, කවි පොත් තිහක් පමණ පළ කර තිබේ. Mary Oliver කාව්‍යකරණය සඳහා පුලිට්සර් සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමි කරගෙන තිබේ.
Photo- Garv Chaplot on Unsplash
කවිය බලන්න
Where is my
Can the eyes do the talking?
Well, some eyes do
Can the mere brush of the little finger
Caress you with the eternal warmath?
Well, it so happens
I paint my heart
With vibrant fresh colours
I paint thou too
With the same
So colourful and vivid
Colours of the tender youth
Hubby dear,
Where is my "lover"?
Photo credit; Gabby Orcutt
කවිය බලන්න
මාර දියණි
මමයි! කපාපු පළුව
අසමපාත මිශ්‍ර භාග
නෑ!ඔබ අනන්තය
ගානක් මිම්මක් නැති
මමයි! හිරු සඳු
දිවා රෑ එළිය කළ
නෑ! ඔබ මන්දාකිනි
ඊටත් වඩා ඉපැරැණි
මමයි! සැඩ මාරුතය
ඔබේ ලොව කැළඹු
නෑ ! ඔබ මුදු පවන
සරතැස නිවාලු
මමයි! මාර දියණි
සසර මඟ බැඳ තැබු
නෑ !නිමා නොවනා ඇසිල්ලක
ශේෂ වුන ගනු දෙනු
Photo credit; NOAA
කවිය බලන්න
හුස්ම
හුස්ම
හමායන වෙනස්වන
පිටස්තර සුළං රැල
නාසයෙන් ඇදගනී
මෙය නමින් හුස්ම වේ
හුස්ම වූ සුළං රැල
මම මගේ කරගනී
එය සිතේ මුළාවකි
එය වැරදි දැකීමකි
සුළං රැල ගල යයි
හුස්ම ලෙස නම් කරයි
එය තමයි යතාර්ථය
ගලා යයි හුස්ම රැල
වෙනස් වෙයි හුස්ම රැල
ලබා දෙයි අම්ලකර
නිපදවයි නව රූප
ලබා දෙයි ප්‍රාණය
නිම කරයි කළයුක්ත
අරඹයි පසු ගමන්
පිටව යයි නාසයෙන්
සිද්ධිය මෙවන් වූ
සිදුවේ නිරන්තර
තිබෙන්නට ප්‍රාණය
කරන්නෙක් මෙතන නැත
ක්‍රියාවක් පමණ ඇත
කර්මයේ ඵලයකි
විපාකය නිමවෙයි
හුස්ම රැල නතර වෙයි
ප්‍රාණය නිමාවෙයි
යතාර්ථය එයම වේ
කළණ දිසානායක
වින්ඩ්සර්, කැනඩාව
කවිය බලන්න
සමනල සඳෙස -16
දත යුතු කරුණු ගොමුව - 13
සපරගමු වනපෙත
293. සමනල රජුනි නුඹ හෙළි කළ තතු ඔස්සේ
සමනල ගිර වටිනි දිය කදුළක් පිස්සේ
සමතල නොවූ ව ද දිය තැන - තැන බිස්සේ
සම කළ නොහැකි අයුරිනි කල - එළි බැස්සේ
294. මහවැලි - කැළණි - කළු - වළවේ නමින් සැදී
සිරිලක සතර අත විහිදුණි එ සිව් මැදී
විසිතුරු මවා පියකරු රුවැතියන් ඇදී
යන විට කෙළෙස ඉමි නොකියා මෙ කව් පැදී
295. ඒ සැම දේට මුල් වූ “තව පෙතක්” නැතී
ඒ පෙත නිරන්තරයෙන් “වන වෙසක්” පැතී
ඒ වන කෙමෙන් බියකරු “කළ තැනක්” ඇතී
ඒ තැන “සපරගමුවේ වනපෙතයි” රුතී
296. නන් රුසිරෙන් අලංකෘත මේ වන බැද්ද
වන් කිසිවකු බලන්නට නෙත මන බැන්ද
කන් බියකරු ව හිරිමල් ගත පන ඇද්ද
තන් පියකරු නොවෙයි මුගු ගොර දෙන මැද්ද
297. සමනල බිය නොවී ඒ වන පෙතට උඩින්
කලබල නොවී තැන-තැන ඇති රසය පැදින්
සුල-මුල ඇති ව තේරුම් ගෙන සිතට සොදින්
සිහිතල උසුල පවසන් දෑ දුටුව නෙතින්
සමනලයා දුටු වනස්පතිනිය
සපර වනපෙතෙහි සිරිසර 19
298. රළු කට හඩ ය එන්නේ මගෙ සවන් කරා
දිවි-මුව-ගෝන-ඌරන්- කැණහිලුන් පුරා
අතරින් - පතර විහඟුන් ගී ගයන නුරා
මුසුවෙයි මී සමග වනයෙහි අසිරි දරා
299. ඝන මුගු වනය ගිළ ගෙන ඇති තරම ඉබේ
කළ කී කතා බස් ඇසුණොත් පැවති සබේ
පෙන්වා සොදුරු බව ඇතුළත කුරිරු තිබේ
කාහළ නද නගයි මොළ නැති සතුන් ගැබේ
300. වටකර ශිඛර අහසට පැන පවුරු ලෙසේ
මලබොඩ-කීණ යුධ සේනා සෙබල විසේ
අහසින් ගගන සේනා විහගුන්ගෙ රැසේ
සපර වන පෙතට ඇත රැකවරණ එසේ
301. සිහිතල පෙර - පෙරා මීදුම් සලුව වැනේ
මිහිතල කුමරිගේ සැප විහරණය මැනේ
අතුවල කරද - මොර - මාදම් සුවද දැනේ
කිසි කල අඩු නැති ව වන දහනෙහි ම තැනේ
302. වන පෙත ගැබ් බරයි මල් පළතුරෙන් ද
ගිරි පෙත පොබ කරයි ගල් වැටි පෙළින් ද
තුරු ලිය අපමණයි නෙක හැඩ තලෙන් ද
දිය ඇලි හදවතයි දිවි පණ නලෙන් ද
303. බටිති - මලිති - සැව්ලන් -වලි-කුරුලු ගිරා
අසිරිමතින් ගී ගයමින් සිටිති සරා
මොණර රනින් විහිදයි පිල් සිතට නුරා
එ දුටු නොමැති නෙත් කුමට ද කියනු යුරා
304. ගලින්-ගලට පැන යන්නට සිත ඉදුරා
එල්ලී බඹර වැල් පදිනට ගුවන අරා
දුහුල් කුළුවලට ඉහළින් සිසිල පෙරා
අසිරි ගෙනෙයි දෙවිඳුන් දෙවි වරම් දරා
305. නාඹර තරුණියක උඩබලියන් වාගේ
නොපෙනෙ ද ශිඛර ලැම රණහංසියො රාගේ
මා එළි - වල්හපුව - හපුතල සිව් බාගේ
රිකිලිය - රාසගල - දෙනගම කදු කාගේ
306. මේ වන දහන තුළ උහුලනු බැරි සිතල
නෙත් මානෙන් එහා සිරි පා කන්ද මුල
දුටු - දුටුවන් මවිත වනු මිස නොමැත පල
දෙඩුමෙන් කිසි දෙයක් අන් වන පෙත පතල
දත යුතු කරුණු ගොමුව - 14
කල්තොට
307. සපර වන පෙත සැරිසැරූ නුඹ
සලිත වී සිහිතලට නිරතුරු
සසල ගහ-කොළ-වැල නුදුන්නෙ ද
වනය තුළ ඇති දසුන් නෙත් හුරු
සතුන් -සිවු පා ගහණ වන මැද
ජවය කළහය හැඩ ද බියකරු
සකල විධ දෑ එ තැන වේ මැයි
නුහුරු එක් ලෝකයකි පියකරු
308. ඉදින් සමනල එ වන පෙත හැර
පියා සලමින් තවත් පහළට
මැදින් හිඳ පිළිවෙතෙහි පිහිටා
ගමන් අරඹා යන්න කල්තොට
නදින් වන විහගුන්-ඇතුන්-අලි
ගෝණ-මුව-මී නිදන බිම්තොට
පැදින් වනණට එහි ද මිහිරස
නුඹට ඇරැයුම් කරමි කවිකොට
309. සපර වන පෙත වැනි ම තව පෙත්
කල්තොටදි දැකගෙන ම සමනල
සසර කෙටි කළ මුනිදු වැදගෙන
එන්ට පිළිවනි ගියොත් බුදුගල
කතර පිරිපුන් කෙත් බිමක් කළ
ගැමි දනන් “ගැමිකමින්” බිහිකළ
අතර ඇති පරතරය ඒ මැයි
අන් දනන් ගැමි පරදවන බල
310. කිවිද සමනල නුඹගෙ කවිකම
තවත් ගරුකොට ගති මගේ සිත
පබැද සිතිවිලි සිතට වන් දැක
දසුන් මනරම් පොබ කරන නෙත
සසද බලමින තුරු - ලතාදිය
ගලන දිය මං දෙන සිසිල ගත
සුවඳ විද හැම මලක විසිතුරු
ගොතනු ගළපා කල්තොටෙහි වත
(මතු සම්බන්ධයි.)
2024.09.01
කවිය බලන්න
මලක් පිපී කතරේ..
මලක් පිපී කතරේ..
දිය පොදක් නැතිව හිනැහේ...!
පිනි කඳුළු දොවා සිතුසේ..
සඳ සිනාසුනා රහසේ..!
සුදු මීදුම් සළු අතරේ..
ඇයි හැඟුම් වෙලා තැබුවේ..!
ගිරි ශිඛර අතර සැඟවේ...
ගන තිමිර වසා අඳුරේ..!
තරු පොකුරු කඩා ඉහිරේ..
කිරි සයුරු සිනා ගඟුලේ...!
අරුණෝද තරුව දිලිසේ...
තනිකමට හුරුව අහසේ...!
බිඟු සරන කැකුළු පියුමේ..
රොන බිඟුට පමණි උරුමේ..!
රන් පතක අකුරු විලසේ...
ලියැවුනිද ඔබම දිවියේ..!
කවිය බලන්න
මුළු අහසම මෙවෙලේ දම් පාටය
රටක සයුරේ ගිලෙන
නාසය තෙක් ගිලීගෙන
තවත් හුස්මක් නොගෙන
ඉන්නේ ඇයි ඉවසගෙන
දුරහැර සෝ තැවුල් සුබ හෙට දිනක් පතා
දම් පැහැ සිතුවමක් පෙරඹර ඇඳෙනු ඇතා
මියෙමුද ගිලී රැකෙමුද එක සිතින් සිතා
වෙර ගෙන පිහිනමුද සැම ජය කණුව පතා
ගල් මුල් ද විසි වේය
මල් පොකුරුද පිපේය
වංකගිරි මාවතක
ඒක රළු ගමනක්ම වේය
තනිව යන ගමනක් නොවේය
අවසන සැවොම ඔබ පසුපස ඒය
අර බලන් ළා හිරු නැඟේය
බලාපොරොත්තු දැල්වේය
මුළු අහසම මෙවෙලේ දම් පාටය
ඇමරිකා එක්සත් ජනපදයේ සිට
Photo credit; Cris S.
කවිය බලන්න
හුස්ම ටික ටික හිර වෙවී මැරුණා
පපුව බර වැඩි ඇයිද බැලුවා
නුඹම විතරක් හිටියා දැණුනා
මතක චිතකයේ අලුවේවි දැවුණා
කදුලු ඇස් දෙකේ පෙගි පෙගි වැටුනා
සුසානේ ලග තනිව උන්නා
මතක වල දමා යන්න බැරිව හැඩුවා
ප්‍රේම නටඹුන් හැම තැනම දුටුවා
නුඹම විතරක් හිටියා පෙනුනා
ප්‍රේම අධිමාත්‍ර විදලා තිබුණා
පපු කුහර නහර මැදින් රිංගා
සෛල තුල උඩු දුවලා තිබුණා
හුස්ම ටික ටික හිර වෙවී මැරුණා
කවිය බලන්න
සුවදෙන නිවහන
ලතාවකට ඇඹරුණු පුස් වැල් අරණේ
සිතාගත නොහැකි සිසිලකි සිත දැහැනේ
කතා දෙකක් නැත නෙත පිනවන
වරුනේ
වන ගහණය අති රමණිය මගෙ සෙවනේ
නිති දැවටෙන මද පවනින් ගත නිවුනේ
නැති සුවයකි අන් කිසිතැන මෙහි දැනුනේ
අති සුන්දර වන මල් දුටුවද බිඟුනේ
කිති නොකරම රොන් අරගනු ආ
සැනිනේ
වැලිමුව රැල හැල්මේ ඔබ-මොබ සරනා
බළල් දිවියනුත් ඉඳ හිට එළි බසිනා
වල් ඌරන් ද පැටවුන් තොගයට වදනා
නිවහන මෙයයි ඉත්තෑවන් පෙම් කෙළිනා
ඇසෙනා මිහිරි නඳ ගෙවනා දවස පුරා
නිතිනා කුරුල්ලන් පැමිනෙයි වදුල කරා
ගතිනා නොසම වුව නෙක වර්ණයන් අරා
වෙසෙනා සෙයකි උන් සමගිය සිතෙහි දරා
නිවසේ සිටම බැලු බැලු අත සිත නිවෙනා
සිතුසේ සොබාදම් මව අසිරිය විඳිනා
මනසේ ඉඩක් නැත- සන්සුන් බවට විනා
මෙය සම්පතකි මිහිපිට මා ලද අගනා
20.08.2024
කවිය බලන්න
හදවතේ සිදුරු
( හදවතේ ඇති සිදුරක් සඳහා ප්‍රථිකාර ගැනීමට පුද්ගලයෙක් ආධාර ඉල්ලයි)
පිරී ඉතිරී යන්න තරමට දෝරේ ගැලු ආදරේ සොඳුරු
කාලයේ රුදු ඉඩෝරය මැද ඉරිතලා සිත ඉරුන අයුරු
කාසි කොල මත නොලී පෙම් කවි වස් වැදී හිතපෑරු අයුරු
හදවතේ පතුලේම සිඳුරක් ... හිස් වෙලා ප්‍රේමයේ මැදුරු
ගහට බර වැඩි නොවූ ඵල වැල අතු අරා සෙනෙහේ දරා
උරා මුල් දුන්න රුහිරු දා දිය බිබී වැඩුනා කල් පුරා
ඉර ට ආ වඩ දුන්න පැහයට නේක හරසර පුද පුදා
මහළු මඩමක සිදුරු හදවත් ඇත දෑස් තව දල්වලා
තුරුණු ලැම හස පිරුණු මල් මී උරා මත් වී රොන් සලා
අනඟ ඹබරුන් රඟන රැඟුමින් කැකුළු මල් විකසිත වෙලා
හීත හුණුහුම තනිව විද විද කැදලි අහිමිව බිම හෙලා
පුංචි පැටවුන් පරිවාසකර තියේ හදේ මැද හිල් හදා
මඟ හැරුන ජීවිතේ කඩ ඉම් සිතින් ඉව කර අල්ලා
සුසුම් ඊයම් බරුව ගිලගෙන හෙලන්නට වත් ඉඩ නොලා
විදින විදවන සිහින මඟහැර හැල්මේ ම තව දුර දුවා
අපි මියෙන්නේ ම දවසක දි - හරි අඩක් හිස් හද නිසා
කවිය බලන්න
ඇය ත් මවක්
පෙරයම් කිස
සිඟිති දරු ගත පොරවා
නිදි යහනින් බැස
මුදා හදවත බස
හීල සකසා බෙදා
සකසුරුවම් කොට
සකසා සාරි පොට
අලුයම් කිස
හැල්මේ දුවන බසයට
සුවහසක් දරු මුව
හිනා මල් අලවන
අම්මාය ඇය..
කවිය බලන්න
The Anywhere Motel
There’s a motel, its place I cannot know,
Where guests arrive and then guests go.
Were they invited? The answer’s no—
Day in, day out, this ebb and flow.
When guests come bearing anger, hate,
Can I eject them? No one’s at the gate!
Their shadows cast a murky weight,
Within gloomy halls of a sinister state.
When guests arrive, all happy and bright,
They paint the rooms with radiance and light.
Life then feels in perfect flight,
With joy, kindness, and pure delight.
The mind’s this motel, now I see,
Where thoughts intrude unbidden, free.
To welcome guests who boost my nest,
Motel needs to be at its sparkling best.
Let compassion and equanimity grow,
And through meditation arrivals will slow.
Then calmness and tranquillity will glow,
At this motel, in a place I cannot know.
⁃ Niranjan Selvadurai
කවිය බලන්න
පන්සල් යමු......
වැටී මහ පොළොවම බදාගෙන හඩන බෝපත් අහුලලා
එන්න අපි වැලි මලුව අමදිමු පින් සිතින් විත්
පේ වෙලා
ඉපිද මියයන සසර වගතුග බෝ පතෙත් ඇති ලියවිලා
සෙමින් සිත යොමු කරන් බැලුවම දැනේ ඒ වග වැටහිලා...
පරව ගිය මල් අසුන් මත්තේ තිබී කිම පල
ඉවත දමමූ
පිපෙන හැම මල පරවෙනා ලෝ දහමෙ අනියත එයින් දකිමූ
සුවද රුව ඇති මලින් මුනිදුන් පුදා අපි අම
නිවන පතමූ
මලක් ලෙස පරවෙනා දිවියේ අතිර බව ඒ
සමග විදිමූ...
සෙමින් ඇවිදින් වලාකුළකින් මුවා වී සද වෙද්දි මෝදූ
පහන් දල්වා පුදමු බුදුනට ආලෝක පූජාව
සාදූ
එකම පහනෙන් සියක් පහනක් එළිය වී බැබලුනා නමුදු
ගමන අවසන එලිය අඩු වී නිවෙයි පරිදිම සසර පුරුදූ....
සෙමින් පියගැට නැගන් යනවිට දිවි ගමන එන මතකෙට
සතිය පිහිටා තබන පියවර යහපතක්මය
සැමවිට
දිනෙන් දින පහදවා තුන්සිත සෙත් කරන් ලෝ සතහට
යනෙන වග දැන දියත සරනෙමු පින් පුරන් එන සසරට....
සදරැසින් දිලිසෙනා සුරලොව සදිසි වේ බැබලෙනා වෙහෙර
නිවන් යන මග නිවෙන පියවර දකින්නට හැක තිබෙන අයුර
සිතින් විමසා බලන්නට හැක නුවණ පහදා තිබෙනු කවර
ඉදින් බව දුක නිවෙන්නට නම් ගිලෙනු අවැසිය දහම් සයුර.....
උතුම් පිළිවෙත් සපුරාන විත් මැදුම් පිළිවෙත පහදවා
සිතුම් එක්තැන් කලාවෙන් බුදු වුණෙන් හිමි කෙලෙසුන් දවා
නිතින් පහදා තිදොර සංවර කරන් දහමින්
සිත නිවා
ඉතින් ආයේ සරණ යමු අපි තුණුරුවන
දණ බිම නවා...
බිද බව සසර කෙලවර නිවනම
පෑදූ
ලද මහ ගුණ බෙලෙන් තුන් ලොව සෙත
සෑදූ
මද මන් බිද බවෙන් යන මග කල
මෝදූ
මුදුනත් තබා නමදිමු සම්බුදු
සාදූ.......
Photo credit ; Marianna Smiley
කවිය බලන්න
අප්පච්චී පද්මය රකිනා
සත්කුළු පව්වට මුවා වෙලා
නොසැලී මහමෙර උරින් දරා
උදම් රළත් නුඹ තරණය කෙරුවා
දරු කුස නොපිරුණු දවස් නිසා
දුන්නා නම් පපු ගැඹුරේ සෙනෙහස
ගත දාබිඳු මුතු කැට කරවා
නුඹ හැර සමතෙක් නෑ මේ මිහිපිට
සුසුමෙත් දරු සෙනෙහස විඳිනා
මිරිවැඩි ගිලිහී රටා ඇඳුණු පය
සිපගන්නට මල් පෙති සැලුණා
සමනළ කන්දත් අර නුඹ වගෙමයි
අප්පච්චී පද්මය රකිනා
සංසාරේ දුර අත අත නෑරම
මෙත් බෝසත් හිමි මඟ දැකලා
මව්වරුනට බුදු පදවිය දන් දී
පියවරු නිවනෙහි දොර හැරියා
ඇඹිලිපිටිය
කවිය බලන්න
ඇයත් මවක්
පෙරයම් කිස
සිඟිති දරු ගත පොරවා
නිදි යහනින් බැස
මුදා හදවත බස
හීල සකසා බෙදා
සකසුරුවම් කොට
සකසා සාරි පොට
අලුයම් කිස
හැල්මේ දුවන බසයට
සුවහසක් දරු මුව
හිනා මල් අලවන
අම්මාය ඇය..
කවිය බලන්න
යට ගියාව..........
දරා හසුන් පත් වල ඇති රහස් වැකි
නුරා හැඟුම් හදවත් වල සැඟව ඇති
අයා මුවක් සෙනෙහෙ පතක් බලා නිති
තුං මංසල තනි වුන ඔබ තවම ඇති.
ඔබ ගැබ රැඳුන පෙම් පත් බල බලා නිති
දහසක් පෙම් වතුන් වතියන් සිහින දුටී
දුක් වේදනා හසරැල් මැද වෙළී නිතී
ඔබ ගැබ තුලට යළි යළිඳුත් දැමී ලිපි.
කාලය ගෙවී තාලයකට ලොව යන්නේ
පෙම් දැහැනකින් නැත පෙම්පත් ලියවෙන්නේ
මල් වැනි පෙම් හසුන් දැන් නැත
හමුවෙන්නේ
නුඹෙ ගැබ ලිපි වලින් නැහැ දැන්
පිරවෙන්නේ.
මුතුවන් අකුරු රැඳි ලිපි වාසනාවන්
පිවිතුරු සුවඳ රැඳි කවි මල් සිනාවන්
නෙක ලෙස බැඳුනු පබැඳුම්වල මනාවන්
දැන් කොහි වේද ලිපි වල පෙම් සිනාවන්.
වැස්සට තෙමී වේලි අව්වට නිතර
සියොතුන් ඉසින වසුරුත් ලැබගෙන නිතර
එක් වුන පෙම් වතුන් ගැන සිහි කරමින්
නිතර
ඔබ හුදකලාවේ ඇත ලතැවුල්
අතර.
කවිය බලන්න
දහම ගමු අපි සිතට හරියට
පිදුවත්නොයෙක්ලෙසඅපමණමල් පොකුරූ
දල්වන නමුත් දෙවියන් වෙනුවෙන් කපුරූ
සිදු කළහොත් පාප සමඟින් වැඩ සතුරූ
නොහැකිය ලබන්නට අරහත් ඵල උතුරූ
මතකයෙ ඇතත් සදහම පිරි නෙක සුතුරූ
දෙසුවත් දහම් සුමිහිරි විලසින් චතුරූ
එරෙහිව අනුන්හට කළහොත් වැඩ නපුරූ
ඔබහට නිවන නම් කිසිදා නැත මිතුරූ
මුල් නැති සැදෑ බව සිත ඇතිමුත් ඉතිරූ
නිතරම දරාගෙන සිටියත් සළු උතුරූ
වැසිලා නම් මනස ඉසි කෝපෙන් ඇතිරූ
නැතිකළනොහැකකෙලෙසුන්නොමැතිවතුරූ
පද ලෙස දහම දනිතත් අකුරෙන් අකුරූ
බොදුනකු විලස ලැබුවත් කිතුගොස ඉතිරූ
සිත බරවෙලා ඇත්නම් කම් වෙත මසුරූ
ඔබ නැත ලබන්නේ නිවනේ සැප මිතුරූ
පුරවන නමුත් දහමින් දෙසවන් රුසිරූ
බුදුගුණ ඇතත් සිහි කරමින් හද පැතිරූ
උතුරන කෝපයෙන් පිටවන ගිනි පුපුරූ
නවතන බව තිරයි සුබ මග ලොව උතුරූ
කවිය බලන්න
Everything for you Suddhi
Everything for you කියමින්
මා ළඟ දැවටුණ
මටසිලුටු මිනිසෙකි
පිටස්තර ලෝකයෙන් සැඟවුණ
පාළුවක් දැනෙන විට
ශාන් පුතුගේ රැප් ගීත ගයමින්
උරුවම්බා මා අලුත් කළ
තාර්කික මිනිසෙකි
පිටස්තර ලෝකයෙන් සැඟවුණ
සාම්ප්‍රදායිකත්වයට
වැරෙන් පහරක් එල්ල කර
පැරණි ගීත පෙට්ටගමක ලා වසන
නූතන මිනිසෙකි
පිටස්තර ලෝකයෙන් සැඟවුණ
සියලු දන සතුටු කරනට නම්
නත්තල් ගසක් වනු කියා ද
අයිස් ක්‍රීම් වෙළෙන්දියක වනු කියා ද
විසුළු කරනා මිනිසෙකි
පිටස්තර ලෝකයෙන් සැඟවුණ
සඟමිත් තෙරණිය මා වූවානම්
ශ්‍රී මහා බෝධිය අද තිබෙනුයේ
බෙල්ජියමේ හෝ ජපානයේ බව පවසමින්
මා හිනස්සන මිනිසෙකි
පිටස්තර ලෝකයෙන් සැඟවුණ
මරිය මව් තුමිය මා නම්
දෙව් පණිවුඩය නොසලකා
බෙත්ලෙහෙම කටුක යැයි අතහැර
සිතැඟි දේ කරන හිතුවක්කාරියක් බවට
දොස් නඟන මිනිසෙකි
පිටස්තර ලෝකයෙන් සැඟවුණ
කාලයක් මෘදුව අත වැරෙන් අල්ලා
දෘඩව ඒ අතම අතහැර
වැදි රජෙක් බව පෙන්වන
මනමේ කුමර මිනිසෙකි
පිටස්තර ලෝකයෙන් සැඟවුණ
අවධාරණයෙන් කියමි
ඔහු දැන ගත යුතු නැත!
මා කැමති
මුල්ම දිනවල දුටු
'Everything for you Suddhi' කියන
පිටස්තර ලෝකයෙන් සැඟවුණ
ඒ මටසිලුටු මිනිසාට බව
කවිය බලන්න
ගමනාන්තය වැරදුන චාරිකාවක්
කාල තරණයක යෙදෙන අතරතුර
නොසිතූ විලස මග වැරදී
මර උගුලක පැටලින
ඉන් ගැලවි යන්නට කෙතෙක් තැත් කළද
බේර ගන්නැයි කෑගැසුවද
මහට අතක් දෙන්නට කිසිවෙකුත් නොවින.
දෑත දෙපය තදින් බැඳ දමා
දෑසද රෙදි කඩකින් වසා ඇති මා
කුදලගන රැගෙන යන්නේ කුමටද
රෝහල් ආශ්‍රිත සැර ගන්දය
කවදත් මහට මහත් අප්‍රසන්නය
මතු කරන සිතිවිලි බිය ජනකය
මානවරූපී රොබෝ වෛද්‍ය වරු
ශල්‍යගාර ඇඳක මා ගැට ගසන මොහොතේ
මනෝකාය පිලිබඳව කටකතා සිහියට නැගේ
බුද්ධිමත් මෙවලමින් ඉන්ද්‍රියයන් ගලවා
ද්‍රව නයිට්‍රජන් ශීත කුටියක සඟවන විට
මා කුසල කර්මයන් කර නැද්දැයි සිතිණ
,
18.08.2024
කවිය බලන්න
මනමේ...... අනේ...
කුමරියක් අරගෙන ගිහින් රුදු ,
සතුන් වෙසෙනා වනේ මැද්දට....
ඉතින් කුමකට දොස් කියනවද..?
කුමරියට හා කැලේ වැද්ද,ට....
සටන් ශිල්පය ප්‍රගුණ කළ දා
දේහධාරී කුම වලාරයෙකුට.....
තවත් එකියක් ඕන වෙනවද..?
කඩුව කොපුවෙන් අරං දෙන්නට....
Photo credit ; Siednji Leon
කවිය බලන්න
The bitter memory
You all have gone...
Far away.... Your mother is gone...
Forever....
Leaving me alone....
She will never.... never.... come back..... to me.....
Then only I realized was alone.... forever....
But....
Still, I feel the smell of her
One day.....
Unexpected moment....
You all came to see me....
I was so happy......
It was a great pleasure for me....
To see my grandchildren
But I felt..... something suspicious....
I never knew... What was going to be.....
Anyway..... Their arriving was unusual..... I never expected.....
This time..... I have made a mistake.....!!!!
Your mother will never do....
Now.... am sure.....
I will be alone forever.....!!!!
They were able to fulfil their expectations
Am sure
I may not be able to put away my last breath at my home.....
Which.... I have built over my lifetime.....!!!!
Dr Ramya Attanayake
9/8/24
කවිය බලන්න
අතීතය සිහිනයක්මය
දෑත් පටලා
ඇවිද ගිය
වැලි පාර
තාම එහෙමයි
මතක වරායේ
නැංගුරම ලා තිබූ
හැඟීම් නෞකාව
හංසයෙක් සේ
මා ඉදිරිපිටින්
ඔබමොබ ඇවිද යයි
දෑස් අග කඳුළු බිඳු
දැන් ඉතින්
පලේ කිම
නැවට නැග ගත නොහැකිවු මට
අතීතය දැන්
සිහිනයක්මය
Photo credit ; joyce huis
කවිය බලන්න
අනේ මන්දා..
අනේ මන්දා..
බලන්න ඔය ඇඳුමක හැටි
කරත් කැපිලා ගැඹුරට
පිටත් පේනවා තව
හා...හා...
නෙරියෙන් හරි වහගන්න බැරිද
ඔය බඩ.
වහින වෙලාවට
උස්සන් යන්න එපා සාරිය
ඉහලට හුඟක්
ඒක හරි නෑනෙ ගෑණියෙකුට.
යාලුවෝ කියලා ඉන්නේ
පිරිමි විතරයි ද ඇත්තටම
දැක්කොත් සිරික්කිය.
ලොකු දරුවොත් ඉන්න
අම්මෙක් නේද ?
ඔය සාය, හැට්ටෙට
මිනිස්සු හැරිලා බලයි
අඳිනව නම් ඇඳුමක්
ලස්සන දෙපතුල් ගාවට.
(අනේ මොකටද මගේ කට!)
අත් කැපුවාම ඇඳුමක
ඇඟ පේනවානේ එලියට
කරාඹු මාල වළලු
මොන තොරොම්බල් ද?
එංගලන්තෙ මහ රැජිනට වත් නෑ
මේ හැටි වයිවාරන්න සපත්තු
සාරිම අල්මාරි කීයක්ද?
මොනවටද ඔයහැටි මෝස්තර
අපරාදේ වියදම් කරන්නේ බොරුවට.
(කාගෙවත් සල්ලියැ ඉතින්)
හිනාවෙන්නෙ ඔයහැටි පිස්සුද?
සින්දු කියන්න නටන්න
ලැජ්ජාවක් ඇත්තේම නැද්ද
ඔය මොන නාඩගම් ද?
(කවුරුත් යටි හිතින් අල්ලන සවුදම්
කාටවත් නොපෙනෙන්නෙ හොඳ වෙලාවට)
ඇවිදින්න කන්න බොන්න
තව අටෝරාසියක් සිරා බිරා
හැමදේම අනුන්ට ඕන විදියට
හුස්මක් කටක් වත් ගන්න
අවසරයක් නෑ
හිතුමතේට....
උදාරයි කීවත් මේ රට
ගෑණියෙක් වෙනව නම්
ලබන ආත්මෙක හරි දවසක
සියලු පින් පල දීලා වත්
බාරි වෙයන් රත්තරනේ
ඇස්කිමෝ පිරිමියෙකුට!!
Photo credit; Frank Marino
කවිය බලන්න
බෝඩිම්කාරයෝ
ෆෑන් එක කරකැවී රවුමට
හැමතැනම විහිදුවන නළ රැළි
තෙමා ගත මුදු පහස දනවයි
බිත්ති සතරක් තුළ සිරව ඇති
කට්ට කරවල තට්ටෙට ම බැද
පට්ට රසයැ‘යි කියා කති බොති
නැට්ටට ම කෙළවෙච්ච දවසට
කොට්ට උරයත් සලයි කඳුළැලි
තට්ටු දෙක තුන නගින බිල්ඩිම්
හතරවට දිදුළනා රෙදිවැල්
වතුර බිල දියකරලා යහමින්
සිංදු කියනා එකෙකි හැමකල්
සුපෙම්බර පෙම්වත් මලක් වෙත
ගයන කවි ගී අම තෙපුල්වන්
ළයාදර මල්සර හිතක ඇති
සුසුම් සුවඳින් යහන නැළැවෙත්
ඇදෙන දිග නයි දෙස බලාගෙන
තලුමරන කාරයෝ අගතැන්
විසල් පැතුමන් සිත් දරාගෙන
නිහඬ ගීයක් ගයයි සඳකැන්
කවිය බලන්න
සුදු ඉරි
අවදානමක් තමයි ඇත්තටම
සුදු ඉරෙන් පාර මාරුවීම
සංඥා කුළුණු නැතියෙන්දෝ මෙතැන
නොනවතින වේගයෙන් පදින
කිසිම රථයකට නෑ ඉවසීම
නොසන්සුන් වීථියක
කාස්ටක අව්ව මැද
අතින් අත පටලවා අපි තාම
තත්පරෙන් තත්පරය ගෙවන හැටි
ඉස්පාසුවක් නැතුව හිත ගාව
සයිරන් නළා හඬ ගිලන් රථෙ ... ?
හදීසි ලෙඩෙක්නේ ........
"ඉතිපිසෝ" කියවෙනව නොදැනීම රහසේම
ඒත් ඇයි....
කාර් බස් ලොරි කැන්ටර්
ත්‍රීවීල් ,වෑන් ඩිපෙන්ඩර්
බයිසිකල් බුල්ඩෝසර්
වේගෙ අඩු නොවෙන්නේ ඉර ගාව
මගියන්ට මාරු වෙන්නට නොදී
තව ඉතින් ඇයිද මේ කෝචොක් පාර
මතුගම
කවිය බලන්න
නිවාඩුවක් ආවා
කූඹි පේළි යන දිහා බලන්නට
සමනළයා ගියෙ කොහෙද සොයන්නට
ගොලුබෙල්ලා ගිය පාරේ යන්නට
නිවාඩුවක් ආවා
අයියත් එක්කල රණ්ඩු කරන්නට
අක්කගෙ බෝනික්කා නලවන්නට
පූසගෙ බල්ලගෙ පස්සෙ දුවන්නට
නිවාඩුවක් ආවා
කෝටු හිටවලා ගෙයක් හදන්නට
පුංචි මුට්ටියේ බතක් උයන්නට
බෝනික්කා නාවා පිහිදන්නට
නිවාඩුවක් ආවා
කුරුම්බැට්ටියෙන් මැසින් හදන්නට
කොස් කොළ ඔටුන්න දා රජ වෙන්නට
කඩු සටනින් පැරදිලා හඬන්නට
නිවාඩුවක් ආවා
කොකිස් අග්ගලා රස කර කන්නට
කුස්සියෙ පොල් ටොපි අලුවා සොයන්නට
පේර ගහට නැග පේර කඩන්නට
නිවාඩුවක් ආවා
කෝච්චියෙන් ගොස් බසයෙන් යන්නට
ආච්චිගේ දුක සැප විමසන්නට
සීයට කොටු කොටු සරමක් දෙන්නට
නිවාඩුවක් ආවා
කවිය බලන්න
අපේ ප්‍රේමය.....
අපේ ප්‍රේමය ගලා ගියා
බාධක බැමි අවහිර නැතිවම
මිතුරු ඇසුරක් පමණක්ම වනතුරුම
එය ආලයක් වූ දින
සැක සංකා ඉරිසියා
බූවල්ලා......
දිගහැරියා විෂ තැවරු අඬු
මෙතෙක් කල් නොදුටු
හිඩැස් අඩුපාඩු කඳු
ඉඳහිටක විඳිමි
පෙර මතක සුමිතුරු
ඒත් මතක නෑ අපිට
ආපසු යන්නට
මිතුරු බව මගහැරුණු
ඒ මිටියාවතට සොඳුරු
කවිය බලන්න
නිමාවක...ඇරඹුම...
යළි ඉපදී හමුවන තුරු
සංසාරික ප්‍රේමය ගැන
කතා නොකර හමුවීමද
සැබෑ පෙමකි නොරිකෝ නුඹ
දෙවොන්දරා සං නෙවැ මං
මරණය නැති කරන තුරුම
ජාතිපි දුක හිදින තුරුම
උපත නොමැති කරන තුරුම
වේදනා, සංඥා,සංකාර තුනම
සිතත් සමග ගිලිහෙන විට
චයිතසිකය චුතිවනවිට
රූපකලාපයක් වෙලා
ක්ලේබරයක වැතිරුන විට
නොරිකෝ නුඹ අඩන්නෙපා
මගේ ගමන යන්න දෙන්න....
පේෂකාර දියණිය සේ
මරණානුස්මෘතිය වඩා
සසර මගින් ගැලවෙන්නට
දාන පාරමිතා සදා
නිවෙන මගක යන්න දෙන්න
නොරිකෝ නුඹ අඩන්නෙපා
නිවන නිවෙන හැටි දකින්න...
කවිය බලන්න
මගේ සිංහයා
(බහ තෝරන අවදියේ මා, සීයාට සිංහයා යයි ඇමතුවේ, උච්චාරනයේ පහසුව තකාද, උත්තුංග දේහ විලාශය නිසාද නැත්නම් උදාර පෞරුෂය නිසාදැයි තවමත් නොදනිමි)
තැඹිලි පාට බතික් සරම
අත් කොට සුදු කමිසය හැද
බයිසිකලයෙ මා හිදුවා
ලෝකෙට ආලෝකෙ වෙන්න
ආදරයද සෙනෙහස දෙක
වෙනත් අයුරකින් දකින්න
මල් වෙනුවට ගල් පාරේ
යනහැටි මට කියා දෙන්න
මිනිසුන්ගේ අදුරු සිත් වලට පන දෙන්න
අලුත් හීන හදන්න, අලුත් හීන සොයන්න
අලුත් හීන දකින්න
අධිෂ්ඨානයක් ඇතිවම
මහ පොලොවේ පය තියන්න
මට ඉගැන්නු මගෙ සිංහයා
කොතැන සිට හෝ
ජීවිතයේ අර්්ය මට පෙන්වමින්
අපායෙ යම රජු ලෙස හෝ
නැවත ඇවිත් මා රකින්න
පොරොන්දු වූ මගෙ සීයා
පැතූ ලෝකයේ තරු ගනනාවක්
එක්ව රටා ගොඩ නගයි
12 වසර
මෙල්බන් නුවර
කවිය බලන්න
තුණු විය මැකි සද
නාරිලතා මලක් වගේ හද විජිතය හැඩ කරන්න
වළා සේල සුසිනිදු සළු ඇදි තුණු රූ සිරු බලන්න
පාට පාට සිහින අරන් රෑට රෑට ළඟ
සිටින්න
කාටවත්ම හොර රහසේ ඇවුදින් මා ළග
හිදින්න
------
වියපත් වී කල් ගෙවනා පැල් කොටයට එළිය දෙන්න
සියුමැලි දෑතේ පහසින් හද මල් පෙති
පුබුදු වන්න
ලියකම් මල්කම් ගෙත්තම් නැති යහනෙහි
තුරුළු වෙන්න
විය සිදුරෙන් කැස්බෑවෙකු එළිය දකින දිනෙක එන්න
--------
මීට දශක සතකට පෙර ගත සිත තුරුණුව නැටුවේ
ඈට මාව මුණ ගැසුනත් නෑ නොවැ සෙනෙහස පිදුවේ
ඈත ගියත් පැතූ පැතුම් යළි යළි නිරතුරු සිහිවේ
කාට කියන්නද මේ දුක ඒ මල තවමත් නටුවේ
----
සිතේ තියෙන පාළුව සිත පමණක්මයැ දන්නේ
මහා මෙරක් තරමිනි බැරි බර උසුලන් ඉන්නේ
කාලයෙ කඩතුරා මැදින් සෙනෙහස මතු වෙන්නේ
ආලය වියපත් මනසේ පෙර සේ පොර කන්නේ
------
කැණි මඩලේ යට ලීයේ දගලන මැසි
ජෝඩු
සිරියහනේ මල් පුබුදයි සිහිවී නුඹෙ
තෝඩු
කීවත් කම් නැතේ යළින් ගැන වුණු අඩු
පාඩු
එක සැරයක් ඇවිත් යන්න කෙල්ලේ කිරි කෝඩු
6/8/2024
0711481624
කවිය බලන්න
A courtesan’s Svayamwara (Self Choice)
Delicate night entwists with tender darkness
Busses moonstone beauty,
Soaked all over that night with rain of kisses
Long time later autumn moon aroused
Pervading dark clouds
moon lit its rays
over the damned burial bed
Tiny petals spills
covering earthen floor
“Thank you my sweetheart,
For the given love and tenderness
How can we meet again
If there’s a will”
Autumn moon dwindled faraway
You made me a virgin again
I knitted Unknown poem in my soul
for your name sake
කවිය බලන්න
සඳේ නුඹ...
නුහුරු නුපුරුදු සියලු දේ මැද හුරු පුරුදු බව දැනෙනවා
ගමේ ගෙමිදුල එලිය කළ නුඹ අදත් එලෙසම දිලෙනවා
නුහුරු දේසෙක නිසාවෙන් හිත සාංකාවෙන් වෙලෙනවා
සඳේ නුඹ පෙර මතක ගෙනැවිත් දෑස් අග තෙත් කරනවා
වෙලේ කමතේ ගොයම් කොළයේ නිදි වැරූ හැටි මැවෙනවා
කන්ද මුදුනින් ඇවිල්ලා නුඹ අපේ තනියට ඉන්නවා
තාත්තා රස කවි කතන්දර මිහිරි කර කර කියනවා
සඳේ නුඹ ගැන සිහින මවමින් තුරුල් වී අපි නිදනවා
ජීවිතේ ජයටැම් සොයාගෙන බොහෝ දුරකට ඇදෙනවා
සමහරක් සුන්දරම දේවල් නොදැනීම මග හැරෙනවා
මම නැතත් ඔහු එදා වාගෙම අහස් කුස දෙස බලනවා
තාත්තාගේ තනි මකන්නට නුඹ ඉන්න බව දන්නවා
22.08.24
වේල්සය, එක්සත් රාජධානිය
Photo credit; Neven Krcmarek
කවිය බලන්න
සුන්දර සුර ලියන් ඇස් පිල්ලම් ගහන
ලන්ඩනයේ සිට.........
වින්සර් මැදුර නරඹා පැමිනෙන අතර
සුන්දර දසුන් අපමනි නොදකින නිතර
පින්සර බිමක වස්සානය වී නතර
මන්තරයක්ය මේ නම් ඇලෙනා සසර
අන්දර වැටක් නැතුවත් ලග සඳපාන
ගින්දර වගේ අඟනුන් කවි පද ගේන
ගන්තෙර නුහුරු රඟනා තිසරුන් රෑන
සුන්දර දෙවි ලියන් ඇස් පිල්ලම් ගාන
සමුගනු නොරිසි හිරු මේ සුන්දර දෙරන
පවසනු කෙසේ පෙම් බැදි අහසක වරුණ
අල්ලා දැත් වියපත් එකිනෙක පෙමින
මුල්ලා නැති රටේ නෙත් උණු කඳුලින් පෙගින
පෙරදිග ඇසට හුරු ගොම්මන් වෙලාවේ
නෙක රඟ තවම තිසරුන් ගං තලාවේ
දිවි අග වසන්තය නෙත් මං මුලාවේ
යලි මග ඉතිං නොවැටෙන් වැසි වළාවේ
සිල්ලර බොජුන් හල් වටකර ගත් පිරිස
ලොබ හැර පවුම් දියකර නොමවි අලස
සැකහැර පසිදුරන් සනසති නැති සසර
ගොරතර වදන් කුමටද බණ පද මතුර
පටු මංතලාවල සක්මන් කල ජෝඩු
තටු නෙක පෑති කොකටුන් නැති අඩුපාඩු
නටඹුන් රටේ සිට ආ මම දඩු කෝඩු
රටකින් කුමන පලයද වලදන නාඩු
හුරු දරු දෑත්, පෙර කල, උනුසුම මතක
සුරුවම් ලෙසින් රැකගත් නොමදත් රටක
කරුවල නොවි සිසිරය යලි මතු දිනක
සරු වස්සානයක් වේවා දරුවනි මෙලෙක
පිටියක ළමෝ ලොව මල් යායේ පිපුන
නොම දැක සමේ පෑයට නොම වි උරන
කිම හැකි වේද දක්නට යලි පෙම් දසුන
ගමනක නිමා අවසර හෙට යන බැවින
උනුසුම් සුව පහස් ඇද ඇතිරිලි සුවැති
මනරම් දිව බොජුන් දිව කට හුරු නොමැති
සුරැකුම් දරු ලෙසින් වියපත් අප රකිති
නිදුකින් දු පුතුනි නුඹ මට ණය නොමැති
වස්සානය නිමයි ලග ලග එයි සිසිර
ගස්සා දොර අගුල් සීතල එයි නපුර
ලිස්සා නොගොස් හිරු රැස් ගැවසෙන් ගෙදර
රස්සා කරන් රන් හිරු දරු අත නොහැර
උමං දොරින් එන කළුවර කෝච්චිය
ගිමන් නිමන වේවා තේ පෝච්චිය
ගිහින් ගමට ලග හිද මම තාච්චිය
ඉතින් සිහි කරමි අවුරුදු කාච්චිය
කවිය බලන්න
ඨපනීය.
ඔයා ආදරෙයි ද මට ?
ප්‍රශ්නයක්.
පිළිතුරක අපේක්ෂාව
දෑස් පතුලක සැඟවුණු
අනන්තයෙ ඉරි අඳින.
හ්ම්ම්...... ඔව්නෙ.
ආ.... කොයිතරම් ආදරෙයි ද ?
අහ් !
අහස තරම්,පොළොව තරම්
නෑ නෑ විශ්වය තරම්.
ම්හු . මදි එහෙම කීව්වට.
මනින්නෙ කෝමද ?
සංසාරෙම හෙව්වත්
ලැබේවිද මිම්මක්.
මැන ගත්තත්
කියන්න කෝ වචන
භාෂාව දියුණු නෑනේ
ඒ හැඟීම විතර කරන්න
වචන දෙන්න තරම්.
හරි.
මට තේරුණාත් ඒ දේ
කිව්වත් ඔයාට
පුලුවන් වෙයිද තේරුම් ගන්න.
ඒ නිසා වෙන්නැති
බුදුන් වහන්සේත්
ආනන්ද හාමුරුවන්ගේ
සමහර ප්‍රශ්න මගැහැරියෙ.
උන් වහන්සෙ දැනන් උන්නට
කොයි තරම් පැහැදිලි කරත්
අනෙක් අයට තේරුම්
ගන්න බැරි නිසා
ඉතින් මම දෙනව උත්තරේ
මෙහෙම.
ඔයා මට ආදරේ තරමටම
මමත් ඔයාට ආදරෙයි .
දැන් මැන ගන්නකො ඔයා
මට තියෙන ආදරේ
බෑ නේද?
ඒ නිසා ඒ ප්‍රශ්නෙ අපි දාමූ
ඨපනීය ගොඩට.
මහනුවර
2024.08.19
කවිය බලන්න
වෙන්වීම
මම නිසා නුඹ
නුඹ නිසා මම
බැඳුනු සෙනෙහස
ලොවම දුටුවා
මම නොවෙයි නුඹ
නුඹ නොවෙයි මම
බිඳුනු සෙනෙහස
ලොවම දුටුවා
මගේ හද නුඹටයි
නුඹේ හද මටමයි
කිසිදිනෙක වෙන්නොවන සේ
යදම් සේ බැඳුනේ
පැවතුනත් ඉර සඳ සදා
සසර ගමනේ පතා ආ
වෙන්වීම නුඹටයි මටයි
හිමිකමයි නොපැතූ සදා
යලිත් හමුවෙමු
සසර ගමනේ
වෙන්වීම
ලෝදහම සේ
කවිය බලන්න
අනාතුර සිතකින්
එකුන් විසි වසරක්ම "අහිංසක" හමුවෙලා
"ජීවක" ව දැකගන්න මුළු හදින් කැපවෙලා
දැනුණු පරිවර්තනය පොත් තුළින් සොය සොයා
ජීවිතේ මාවතේ එදා මග වැරදිලා
පා පහර දෙමි කියූ "දිසාපාමොක්" නිසා
"අඟුල්මල්" අවදි විය "අහිංසක" සළු උණා
වනපොත්ව තරඟයක "ජීවක" ද රැවටිලා
ජීවිතේ ගීතයේ තාලයට නතුවෙලා
වරක් නොව තෙවරක්ම "කිසාගෝතමි" වෙලා
පොතේ දුටු අබ මිටේ පාඩමෙන් සැනසිලා
අනියත වු ලෝ දමක දෙකෙළවර සොය සොයා
කිසිවෙකුත් නොමළ ගෙයි කමටහන පැටලිලා
"සත්තුක" ද "පුෂ්ඵක" ද අඳුරගනු බැරි නිසා
කලණ මිතුරන් වෙසින් අවතාර පිරිවරා
"සත්තිගුම්භ" ද පැමිණ දඬු මුගුරු අතදරා
ආතුර අනාතුරව සිත කයින් ගිලිහිලා
Photo cfedit; Chris Curry
කවිය බලන්න
🗙








































































