අතරමං වූ විශ්ව යාත්‍රිකයෙක්

අතරමං වූ විශ්ව යාත්‍රිකයෙක්

ආරියරත්න ජයසිංහ මහරගම

අපරිමිත විශ්වයේ විසිරුනු දහස් සුවහස් තරු පංති මැද අනන්ත අවකාශයේ පාවෙන අතරමං වූ යාත්‍රිකයෙක්මි මම. කොහේ සිට ආවෙම්ද නොදනිමි කොයිබකට යන්නෙම්ද නොදනිමි අතරමං වූ යාත්‍රිකයෙක්මි මම ගමන් මඟ මැරි මැරී උපදින ඉපිද ඉපදී යළිත් මියයන අඳුරු විශ්වය පුරා සරන්නෙමි තරුවැලින් තරුවැලට බලන්නෙමි කලු කුහර තුල එබෙන්නෙමි සියළු සත් වග අතර සොයන්නෙමි මිනිසා මිනිසාට නොදක්වන සොඳුරු ප්‍රේමය ලුහුබඳින්නෙමි. (ළගදී නිකුත්වන මගේ “ආම්ස්ට්‍රෝං දුටු සිහිනය” කව් සරණියෙනි ) ආරියරත්න ජයසිංහ
කවිය බලන්න