Everything for you Suddhi

Everything for you Suddhi

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

Everything for you කියමින් මා ළඟ දැවටුණ මටසිලුටු මිනිසෙකි පිටස්තර ලෝකයෙන් සැඟවුණ පාළුවක් දැනෙන විට ශාන් පුතුගේ රැප් ගීත ගයමින් උරුවම්බා මා අලුත් කළ තාර්කික මිනිසෙකි පිටස්තර ලෝකයෙන් සැඟවුණ සාම්ප්‍රදායිකත්වයට වැරෙන් පහරක් එල්ල කර පැරණි ගීත පෙට්ටගමක ලා වසන නූතන මිනිසෙකි පිටස්තර ලෝකයෙන් සැඟවුණ සියලු දන සතුටු කරනට නම් නත්තල් ගසක් වනු කියා ද අයිස් ක්‍රීම් වෙළෙන්දියක වනු කියා ද විසුළු කරනා මිනිසෙකි පිටස්තර ලෝකයෙන් සැඟවුණ සඟමිත් තෙරණිය මා වූවානම් ශ්‍රී මහා බෝධිය අද තිබෙනුයේ බෙල්ජියමේ හෝ ජපානයේ බව පවසමින් මා හිනස්සන මිනිසෙකි පිටස්තර ලෝකයෙන් සැඟවුණ මරිය මව් තුමිය මා නම් දෙව් පණිවුඩය නොසලකා බෙත්ලෙහෙම කටුක යැයි අතහැර සිතැඟි දේ කරන හිතුවක්කාරියක් බවට දොස් නඟන මිනිසෙකි පිටස්තර ලෝකයෙන් සැඟවුණ කාලයක් මෘදුව අත වැරෙන් අල්ලා දෘඩව ඒ අතම අතහැර වැදි රජෙක් බව පෙන්වන මනමේ කුමර මිනිසෙකි පිටස්තර ලෝකයෙන් සැඟවුණ අවධාරණයෙන් කියමි ඔහු දැන ගත යුතු නැත! මා කැමති මුල්ම දිනවල දුටු 'Everything for you Suddhi' කියන පිටස්තර ලෝකයෙන් සැඟවුණ ඒ මටසිලුටු මිනිසාට බව
කවිය බලන්න