වෙස්

වෙස්

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

හොරෙන් දමාගෙන නෙක පැහැ වෙස්මූණූ සිල් අරගෙන වාගෙයි දැන් මිනි මෝරු පොළවෙ අපට පෙන්වා අහසක් යාළු කතිර යුද්දෙකට උන් දැන් පේ වෙනවා ලූ මීරිය මී සේම මුවගින් ගිළිහෙන වචන කාරිය කරන තුරු සිල් රැකගයි නොබිඳ දුන් පසු වරම් රජවෙන්නට ඔටුනු බැඳ උන්හට අමතකයි අසරණ හුදී ජන දේදුන්නෙන් පාට අරන් හිනා වෙවී ගෙං ගෙට එන්නේ බෝසත්තුය දෙකට නැවී දිනු පසු කතිර යුද්දය අර හිනා මැකී ධර්මාශෝකලා චණ්ඩාශෝක වෙතී යම්මොයි කියා යන්නෙමි පෝළිම දිගට අප්පොයි කියා සිතුණත් හිත හදාගෙන දෙන්නට කියා නැති මුත් එකෙකුත් සුදන හොඳටම සිතා චන්දය දෙන්නෙමි මම ද
කවිය බලන්න