පිරිමි කඳුලක්... - පවිත්‍රා සෙව්වන්දි උඩුවර ආරච්චි

පිරිමි කඳුලක්... - පවිත්‍රා සෙව්වන්දි උඩුවර ආරච්චි

අජිත් බණ්ඩාර මහනුවර

පිරිමි ඇහැකින් කඳුළු බිඳුවක් දුටිමි ඉස්සර උදයක පුරපු පෙරුමන් මදි නිසාවෙන් පිසලමිද එය කෙලෙසක ගැඹුර කෙතරම් ඇතිද සිතමින් අද ද ළය බර සුසුමක නුඹට වැඩියෙන් රිදුනෙ මටමයි මතක් වෙන හැම දවසක අතින් අල්ලනු බැරි දුරක වුව දැනුණි කඳුලෙහි තෙතමන මුවින් නොකියන හැඟුම් ගොන්නක රිදිලි ඒ තුළ සිරවුන ඉතින් එදවස ගෙවුනු තත්පර කෝඩ සළුවෙන් වසමින හෙමින් කෙඳිරිලි නගනු ඇසුණිද නුඹට හිමි මයෙ සිහසුන පවිත්‍රා සෙව්වන්දි උඩුවර ආරච්චි ගල්ලෑල්ල රත්නපුර Photo Credir; Vicky Hladynets
කවිය බලන්න