අනාතුර සිතකින්

අනාතුර සිතකින්

වෛද්‍ය උදේශිකා පතිරණ

එකුන් විසි වසරක්ම "අහිංසක" හමුවෙලා "ජීවක" ව දැකගන්න මුළු හදින් කැපවෙලා දැනුණු පරිවර්තනය පොත් තුළින් සොය සොයා ජීවිතේ මාවතේ එදා මග වැරදිලා පා පහර දෙමි කියූ "දිසාපාමොක්" නිසා "අඟුල්මල්" අවදි විය "අහිංසක" සළු උණා වනපොත්ව තරඟයක "ජීවක" ද රැවටිලා ජීවිතේ ගීතයේ තාලයට නතුවෙලා වරක් නොව තෙවරක්ම "කිසාගෝතමි" වෙලා පොතේ දුටු අබ මිටේ පාඩමෙන් සැනසිලා අනියත වු ලෝ දමක දෙකෙළවර සොය සොයා කිසිවෙකුත් නොමළ ගෙයි කමටහන පැටලිලා "සත්තුක" ද "පුෂ්ඵක" ද අඳුරගනු බැරි නිසා කලණ මිතුරන් වෙසින් අවතාර පිරිවරා "සත්තිගුම්භ" ද පැමිණ දඬු මුගුරු අතදරා ආතුර අනාතුරව සිත කයින් ගිලිහිලා Photo cfedit; Chris Curry
කවිය බලන්න