රයිපලයට තවත් පතුරොමක් ඔබමි

රයිපලයට තවත් පතුරොමක් ඔබමි

ලාල් හෑගොඩ  

මාස පෝය දිනක සඳ මත සිට පොළොව දෙස කැක්කුම් ඇසකින් බලමි පෙම් කවක් ලිවිය යුතුය උන් සැමට වෘකයන් ද සරණ බිම පෙම්පතක් යවනු එල වෙද කැක්කුම් දෙන ළයට රයිපලය බර නොවේ කොළයත් පෑනත් තබා සඳෙන් බැස එමි මල් පිපෙන බිමකට වෘක පා සටහන් කුමකට "කුමක් කළේ ද ඔබ දෙවියන් ලොව සාවුන් මැවුයේ වෘකයන් සමඟින් වසන්නට නොවෙද? ලොව සුන්දරත්වය එයම නොවෙද? රයිපලයට තවත් පතුරොමක් ඔබමි
කවිය බලන්න