දිශානතිය

දිශානතිය

ලතා ද සිල්වා මෙල්බර්න්

අපගේ මුතුන් මිත්තන් කල වරදකින් පුතේ රට කන්නන් රැලට පාවාදීල ඇතේ උන් රැල ටිකෙන් ටික රට විකුණමින් ඇතේ මහ බැංකුවේ හොරා දැන් රට කමින් ඇතේ තිබුනත් සිතියමේ ලංකාවක් ඇඳලා ඉන් හොඳ කොටස් ටිකකට මුන් ඇත විදලා බේරා ගන්න ඉතිරියවත් වෙර දරලා දිශානතිය දෙන මග යමු පෙළ සැදිලා සැත්ත හය වසක් ලක් මව විදි සාපේ කරවමු නිමා ජය දද බැඳ ලක් දීපේ මාලිමාව කර මහජන බල වේගේ යලි රට ගොඩ නගමු මේ පැතුමයි අපගේ මජන පැතුම් සිතුමන් හොඳ හැටි දන්න ඇත පරපුරක් රට දැය හදනට දන්න ජනපති චන්දයෙන් ලක් මව දිනවන්න මලිමාවට ඔබේ ජන්දය දෙන්න 28 අගෝස්තු 2024
කවිය බලන්න