මුළු අහසම මෙවෙලේ දම් පාටය

මුළු අහසම මෙවෙලේ දම් පාටය

මාලිනී හෑගොඩ USA

රටක සයුරේ ගිලෙන නාසය තෙක් ගිලීගෙන තවත් හුස්මක් නොගෙන ඉන්නේ ඇයි ඉවසගෙන දුරහැර සෝ තැවුල් සුබ හෙට දිනක් පතා දම් පැහැ සිතුවමක් පෙරඹර ඇඳෙනු ඇතා මියෙමුද ගිලී රැකෙමුද එක සිතින් සිතා වෙර ගෙන පිහිනමුද සැම ජය කණුව පතා ගල් මුල් ද විසි වේය මල් පොකුරුද පිපේය වංකගිරි මාවතක ඒක රළු ගමනක්ම වේය තනිව යන ගමනක් නොවේය අවසන සැවොම ඔබ පසුපස ඒය අර බලන් ළා හිරු නැඟේය බලාපොරොත්තු දැල්වේය මුළු අහසම මෙවෙලේ දම් පාටය ඇමරිකා එක්සත් ජනපදයේ සිට Photo credit; Cris S.
කවිය බලන්න