ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

FM

FM

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න
2023-May

සයිවර් කඩේ තේ සෝටිස් හදනකොට
ඩ්‍රයිවර් කොටන ප්‍රයිවට් බස් සෙට් එකට
නම්බර් හොඳයි ප්ලේ කරනා හිට් වෙන්ට
එන්ටර් වෙන්න මේ එෆ් එම් ශෝ එකට

ලොතරැයි කූඩුවක එල්ලුණ පීකරද
පත රේඩියෝවක් ඇති ත්‍රී විල්ද
කොතනක වුණත් දුන්නට දෙසවනට වද
කැත නෑ සල්ලි දෙන්නම් නම කියනවද

හඬේ ක්ලියර් ස්ටීරියෝ සවුන්ඩ් ඇත
බඩේ බත් වගේ අපහට රේට්ස් පොත
වැඩේමයි අපිට හණමිටි පරණ මත
ගොඩේ එවුන් සෙට් නොවුණට කමක් නැත

හායි මෙයා මම ආවා පිළි ගන්න
බායි බායි යන බෝයිට සමු දෙන්න
රෑයි දවාලයි කියලා නොදැනෙන්න
මායි ඔයයි ඉන්නව දැන් ළඟ ඔන්න

ගීතය ගෙනාවේ නම ගිය කොම්පැනිය
ගීපද තනුව කටහඬ නම් දන් නැතිය
කීයද කියන ලන්සුව වෙයි තීරණය
මීවද කඩා නැත තම අත ලෙව කෑය

ගෑවොත් මරුය අහවල් නම සබන් කැටේ
කෑවොත් රසය මේ සුප් කැට රසට වැටේ
ආවොත් වැදූ අම්මා හෙට ඉඳන් ඩොටේ
ඈවත් කරයි මාකට් හැටි උන්ගෙ කටේ