ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

Category: ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නා හිමි
රණස්ගල්ලේ නා හිමි
කලාපය: 2021-August

ගුරු නිරිඳු මිතුරන්
ලිය ලිය මවු මේ කීවන්
තම මවු ලෙස සිතා
පවතිත් නැණැති සුදනෝ

නුවණැති සුදනෝ ගුරුවරුන් ද, රජ තුමා ද, මිතුරන් ද, භාර්යාව ද ,
තම භාර්යාවගේ මව ද යන සියලු දෙනා තම මවු ලෙස සිතා
කටයුතු කරති.

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නා හිමි
රණස්ගල්ලේ නා හිමි
කලාපය: 2021-July

නිරින්දෝ තම රට මුත්
අන් රටට දිවා සඳ වැන්නෝ
පඬිවර අන් රටක
පැමිණියත් පුන් සඳ සෙ බබළා

රජවරුන් තමන් ගේ රට හැර වෙනත් රටකට ගියහොත්
දහවල පෑවූ චන්ද්‍රයා වැනිය. එහෙත් පඬිවරු වෙනත්
රටකට ගියත් රාත්‍රී කාලයේ පුර්ණ චන්ද්‍රයා ලෙස
බබළති.

ලෝකෝපකාරය කාව්‍යයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නා හිමි
රණස්ගල්ලේ නා හිමි
කලාපය: 2021-June

නිරිඳුන් ගෙන් ඉසුරු
ලත් සත් නැසෙත් එම රදුන් ගෙන්
දියෙන් ඉපදුණ ලුණු
දියට පත, දිය වන විලස්නෙන්

රජවරුන් ගෙන් වස්තුව ලැබුණු ජනයා එම රජවරුන්
ගෙන් ම විනාශ වෙති. ජලයෙන් හට ගත්තා වූ
ලුණු එම ජලයෙන් ම දිය වන පරිද්දෙනි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි
රණස්ගල්ලේ නාහිමි
කලාපය: 2021-May

නිරිඳුට ඔවා දෙන
ගුණ නැණැති මැතිවරන් නැත හොත්
අපමණ ඉසුරැතත්
නැතක් විරිදුන් අවැඩ පැමිණේ

රජ තුමාට අවවාද දීමට ගුණ නුවණ ඇති මන්ත්‍රීවරුන්
නැති නම්, කො පමණ වස්තුව තිබුණත් නොයෙක්
සතුරන් ගෙන් කරදර ඇති වේ.