ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කිරිල්ලියක් තමයි මං…

කිරිල්ලියක් තමයි මං…

නයනශාන්ති දිසානායක
2023-June

අහස විසල් විසිතුරු බව දැන දැන ම
කැමැත්තෙන් කූඩු උන
පොඩි මාල ගිරවියක් මං..
කූඩුවක් තනාගෙන බිජු ලන්න හිතාගෙන
උපන් බිම් හැරදමා නාදුනන ඉසව්වට
සංක්‍රමනය වෙච්ච
ප්‍රේමාතුර ලිහිනි කිරිල්ලක් මං….
විශ්වාසයේ තලයෙන් විහින් තටු කපාගෙන
කූඩුවක කැමැත්තෙන් කොටු උන
හැඩකාර වැඩ දන්න වඩු කිරිල්ලක් මං..
පිල් හලන බව නොම දැන
මොනර නැටුමකට නතු උන
අහිංසක සෙබඩක් ය මේ මං…
දුක හිතේ හිර කරන්
හෙමි හෙමි මුමුනමින් මිස
හඩනගා හඩලලා කවදාකවත්
කියනු බැරි
කෙකරගානා කිකිලියක් මං…
මියැදුනත් හැරනොයන
සසරේම පතා ආ එකා මත්තෙම නැහෙන
මෝඩ පොල්කිච්චියත් මේ මං..

ඔව් මං කිරිල්ලියක් …