ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මධුවිත!!!

මධුවිත!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය
2021-August

තමාට තමා කවුදැයි අමතක කෙරෙන…….

ලැඡ්ඡ භය හිරිඔතප් සත පහකට මායිම් නොකෙරෙන…….

මවක්, සහෝදරීයක්, බිරිදක්, දියණියක්, මිණිබිරියක්

සිටින බව අමතක කෙරෙන…..

බොරැවට, වංචාවට, පරැෂවචන වලට

උඩගෙඩි දෙන ……..

කිසි දිනක දැක නොමැති සල්ලාල හැසිරීම්

රග දක්වන……..

කාලයක් පුරා ගොඩනගා ගත් පෞරැෂය

සුනු විසුනු කෙරෙන…….

තමාටත් සිය පවුලටත් උන් හිටි තැන් නැතිකර දමන……

තමාට තමාවත් නැත්තටම නැතිකර දමන……

අමුතුම පානයකි …..මධුවිත!!!