ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෙව් සමිඳුන් නමදිමු බැතිපෙමින්

දෙව් සමිඳුන් නමදිමු බැතිපෙමින්

ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර
2022-December

සිරිපොද වැස්සෙන් ලොව නැහැවෙනවා
ළාහිරු මඩලින් නෙක මල් පිබිදෙනවා
උඳුවප් සිසිලෙන් මිහිර ගෙනෙනවා
සාමයේ කුමරුගෙ ගුණ සිහිවෙනවා

දෙවියන් විසින් පළමුව ලෝකය මැව්වා
ගැහැණිය සමඟ පුරුෂයා දෙවනුව මැව්වා
ලෝකය මවා මිනිසුන් ලොව තුල මැව්වා
මිනිසුන් ලොවේ හැසිරෙන හැටි බැලුවා

ගහැණිය සමඟ පුරුෂයා එක්වී බැඳුනා
නිමක් නොවන පව්කරනා බව දැනුනා
සුමඟට නොවේ නොමඟට යනු පෙනුනා
පාපෙන් දනන් මුදවාගන්නට සිතුනා

මරිය තුමිය තෝරාගනෙ මව් ලෙසට
ඇගෙ කුස තුලින් වැඩුනේ යසට
සාමයේ පණිවිඩය අරගෙන ලොවට
ජේසු කුමරු බිහිවුණි උඳුවප් මහට

මිදෙන්නට ඉටා අපගේ පාපවලින්
කරුණා දයා ගුණ පා සෙනෙහසින්
සාමයේ කුමරු දුන් පණිවිඩ රකිමින්
සමිඳුන් කියාදුන් මග අපි යමු පෙමින්

අප වෙනුවෙන් ලබාගෙන මිනිසත් බව සමිඳුන්
දුන්නේ පෙන්වා යහමග යන්නට පේම සිතින්
රකිමින් මනුලොව මනුදම් සෙනෙහසින්
නමදිමු බැතින් දෙව් සමිඳුන් බැඳිපෙමින්