ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හදට එබෙන “ඉසා”

හදට එබෙන “ඉසා”

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2024-January

පොවන පණ නළු කමට සමවැද හදේ පතුළට දැනෙනවා
මවන රස තිර මතට කොටු නැත ඔබෙ රැඟුම් දිවි නිවනවා
දවන අපෙ හද ඉඳහිටත් පෙර ‘ඉසා’ එබිකම් කරනවා
කවන චරිතෙට අරුත්බර දම් හැරගියත් මතු රැකෙනවා

( ඉතා ම මෑතකදී අප අතරින් සමු ගත් ප්‍රවීණ රංගනවේදී සුමින්ද සිරිසේනයන්ගේ නාමයට හද පිරි බැතියෙනි)