ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෙමාපිය පැතුම

දෙමාපිය පැතුම

නිමල් රන්ජිත් කන්දමුල්ල - ඉතාලිය
2021-August

ජීවිතේ සැන්දෑ සමේ
තනි වී ගෙවනා
මහලු නිවාසේ
දෙමාපියනි ඔබ
සිහිණෙන් දුටුවේ
දරුවන් පමණිද ?

බිහි කල දා සිට
නොකා නොබී දුක්
විඳිමින් හඬමින්
උන්ගේ සුව සැදු
ඔබට පහල වූ
නිධානයද මේ

ඔබ රජ වූ දින
අමතක වූවත්
මේ ඉරණම ඒ
ලෙසටම ඔබටත්
නොවේව යන්නයි
පැතුම අපේ පුත ♥️