ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා
2022-February

නැඟෙතත්          අවර ගිරගින් දිනකර මඬල
සැලෙතත් සුනෙර පවනින් සෙදෙනත් අනල
පිපෙතත්       ගිරි මුදුන් හෙල් මැලි පියු මුපුල
බොරුනැත්  තෙමය මහතුන් පැවසූ තෙපුල

සුර්යයා බස්නාහිරින් උදාවූවත් මහාමේරු පර්වතය
සුළඟින් සෙලවෙතත් ගින්දර සිසිල් වූවත් පර්වත
මුදුන්වල කුමුදු මානෙල් නෙළුම් ආදිය පිපුනත්
මහතුන් (සත්පුරුෂයන්) කී වචනයෙහි බොරුවක් නැත.