ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුනිල් ආරියරත්න මහා කලා කරුවාණෙනි

සුනිල් ආරියරත්න මහා කලා කරුවාණෙනි

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2023-July

දියළුම දිය ඇල්ල වගේ
ගලා හැලෙන තෙලි තුඩින් ඔබේ
මැවූ වදන් වලින් ගෙතූ
ගද්‍ය පද්‍ය සිනමා – මේ සියලු කලා නිමැයුම්

හෙළ සාහිත මී වදයේ
මී පැණි බිඳු බිඳු වැහේ
රසික දනන් රසගන්වා
කලා රසය සිත් තවරා

තරිඳු හීනෙහෙන රැයක මතුවන
සිහින් එළියක් ලෙසින් විස්මිත
මැවේ හැමදා – මහා කිවිඳුගේ – මිහිරි රස බස්

නවසීලන්තය
26ජූනි 2023