ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මවක වන් සොයුරියට…

මවක වන් සොයුරියට…

සෞම්‍ය ලලිත් කලුබෝවිල - අනුරාධපුර
2021-August

දුලාලන සඳ වතේ වත්සුණු අළුරැඳුණා
කුමාරිය වෙලා දුම්ගෙය තුළ දිලුණා
මුලාවෙලා මින්දද හී බිම හැළුණා
අනේ සොයුරු පෙමකට තන කිරිි එරුණා

රස කළේ බත ම දිය කර කදුළු ඇහේ…
හැඩ කළේ කළාලය නුඹ සිතුවමින් අපේ..
බඳ වටේ ඔතා ගෙන සවි රළපනාවේ ..
වැව වුණා බිඳින්නට රැළි මුලාවේ..

පන්හිඳේ තැවරුවේ බුදුගුණයි ආසිරී..
සංහිඳේ ගැළපුවේ දේව යාදිනි බැරී
පැන්බිඳේ පිරෙව්වේ මසවුළුය රස පිරී..
රන්කඳේ පෙවූවේ නුඹ අපට මව්කිරි