ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමු දෙමි

සමු දෙමි

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
2023-March

හැමදෙන දකින්නේ මා අනුවණ ලෙසට
නුඹ ගැන තවත් නම් නොසිතිය යුතු බවට
හෙලවෙන දතක් වැනි නුඹ චංචල සිතට
වෙන වෙන හේතු ඇතිබව ඇහුණා කනට

නංගී මල්ලි පවුලේ බර හිසේ තියා
අන් අය ගැනම වෙහෙසෙයි සේ ගෙදර පියා
මං දන්නවා නුඹ හිත හොඳ කෙ⁣නෙක් කියා
දැන්වත් හිතන්නකො තම හෙට ගැනත් ඔයා

තීරණ ගන්න වෙයි ඉක්මනටම වාගේ
කීවොත් දැන්ම එනවා නුඹ හා දීගේ
මා පිය සහෝදරියන් දෙවෙනිය මාගේ
ආවොත් රකිමි මවකව සැම දා ඒ ගේ

මා මග දා ගියත් මොන යම් හේතුවට
නෑ කිසි ⁣⁣වෛරයක් තරහක් ගෑවෙන්ට
දීගෙක ගිහින් කුල සිරිතට පෑහෙන්ට
පේවෙමි ඔහුට සදහට නතු වී ඉන්ට