ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමනොළයි ගිරි සිරසයි

සමනොළයි ගිරි සිරසයි

ඒ.එල්.ප්‍රියන්ත ජයලත්
2021-November

සමනොළයි ගිරි සිරසයි
ගලන ගංඟා සදෙසයි
රන් දියෙන් වැව් පුරවයි
පලින් බර කෙත් හිනැහෙයි

එදා බැඳි වැව් අමුණු
අදත් ඇත දිය පිරුණු
එක්ව මේ හැම රකිණු
ගුණය එය වෙයි කුළුුණු

මිණිද රන් මුතු පරදා
ජීවය දිය බිඳු සැමදා
සැනහෙ මිහිකත සැමදා
සුරකිමු දෝතින් නමදා

තනිව වෙන්වි නොසිට
එක්ව හරවමු නොපිට
හිරු සඳුත් සේ අපට
ඔබයි අභිමන රටට

හෙළන දා බිඳු කඳුළු
සාර කෙත් මත ඇතිළු
කරයි පලබර මුකුළු
පිහිද හිනැහෙමු කඳුළු

හිරුත් සඳු ඇත අහසේ
අපිත් හිනැහෙමු රිසිසේ
බැඳී අත්වැල් එකසේ
රකිමු රට අපි පණසේ