ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිල් අහසයි, මහවැලියයි

නිල් අහසයි, මහවැලියයි

කමනිකා මොහොට්ටිගේ
2021-October

බෙදා හිරු කැන්, මුදා අඳුරෙන්
පැතුම් කොඳමල් පිබිදවූ…

වලා වියනෙන් ගලා සඳකැන්
තුහින කිරි පෙණ සසැලුනූ…

සලා නෙතුකැන්, කුඩා තරු මල්
රහස් කොඳුරා හිනැහුනූ…

නුඹයි නිලඹර, අගෙයි මහවැලි
ගඟෙත් ගමනේ ගිම් නිවූ…