ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳක් පායා එළිය කල දවසේ…!

සඳක් පායා එළිය කල දවසේ…!

ලලනී ගීකියනගේ - රත්නපුර
2024-January

සඳක් පායා එළිය කල දවසේ…!
හිරුත් හිනැහේ පසු දිනට පෙරසේ..!
ලොවක් හැඩ කල.
හිරුත් ඔබමය..!
සඳුත් ඔබමය..!..
එකම ආකාසේ..

දිළෙන හිරු දවසේ…
සිසි කිරණ වැද ගිලී යයි අහසේ..
සැඩ සුළං හමුවේ..
මල් පිපෙයි සුවසේ…
බඹර තුඩු අග රිදුම මලකට…
එමල නිහඬව දරා ගනු ඇත..
ඉවත ලන පර මලක සුවඳක් සේ..

නිවි නිවී තරු දිලෙන ආකාසේ….
රුසිරු පැහැසර නිවාලනු කෙලෙසේ…
අමාවක ගනඳුරට තනිරැක …
වලාතිර සළු උනා දමනට..
සඳට හැකිවේනම්..
කෙසේනම් ඉවසනුද හොර රහසේ..?

2023.12.27

Photo ; Luca Iaconelli