ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කිරිල්ලියකගේ අඬ මුරය

කිරිල්ලියකගේ අඬ මුරය

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
2022-December

මහ වැසි ඇද හැලී
පොහොණි වූ මිහිදුමේ
මට ඇසෙයි මට ඇසෙයි
කිරිල්ලියකගේ අඬ මුරේ
මිහිදුම් සාටකය
ඉරේදෝ මට සිතේ
ඒ තරම් පබල වේ
උහුගේ දුක් අඬ මුරේ

ක්‍රීක් ක්‍රීක්..ක්‍රෑක් ක්‍රීක්
මගේ කන් සිදුරු වේ
ළඟ ඇසයි
දුර ඇසෙයි
උහුගේ දුක් අඬ මුරේ
එහෙත් උහු මා නෙතට
තවත් නෑ හසු වුණේ
පැටවුන්ට අනතුරක්?
සිතට මගෙ බිය දැනේ

තුරට නැගි නාගයෙක්
මගේ මනසේ ඇඳේ
ප්‍රියයාට අනතුරක් ?
මේ තරම් කලබලේ
කුමක් හෝ ගැහැටක් ය
අද උදේ සිදු වුණේ
මගේ ඇස් දෙක තෙමෙයි
එහෙත් මම යමි කෙසේ

බැස මගේ ගෙවුයනට
නෙත් ඉගිල්වමි විගස
එහෙත් ඒ හඬ මිසක
නොපෙනෙ ඈ මා නෙතට..