ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැලන්ටයින් නම් නොවේ

වැලන්ටයින් නම් නොවේ

අනුර හෑගොඩ
2022-February

හිම පිරි මාවත් අතරේ
හිම සඳ දිය රැස් දහරේ
සොයමි හදේ නැතිවූ රන් රුව
තේම්ස් පාලමත් කරුවලයි

සීතල ගං ඉවුරු කොනේ
ඔබේ සිනා තවමත් ඇති
පාලම් පත්තේ දැවටුන
ඔබේ සුවඳ එලෙසම ඇති
සීතල ඊතල ගත රිදුම් දෙන රැයේ

ළිහිණි කුරුළු කියනු මැනව
දුටුවෙද නිල්මිණි නෙත් යුග
ඉඟිබිඟි නැත්තේ ඇයි අද
රහසක් වෙද මට නොකියන
දොම්නස් ඊතල හද සිදුරු වන රැයේ

ගායනය: අමරසිරි පීරිස් / සංගීතය: නාලක අංජන කුමාර
(නිකුත් වීමට නියමිතයි)