ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා
2023-March

පිරිවර සෙන් රකිනා පිණිස නිරතුරු
පෙර නියමින් නිරිදෝ රැගනිති පඬුරු
සිය ගුණයෙන් වසිනා පිණිස දියතුරු
සිය කිරණින් දෙරණත රස ගනිය හිරු

රජවරු තමන්ගේ පිරිවර සේනාව ආරක්ෂා කරගැනීම සඳහා
කලින් පනවා ඇති නීති අනුව අයබදු ගනිති. ලොවට සිය ගුණයකින්
වර්ෂාව ලබා දීම පිණිස හිරු තම රශ්මියෙන් පොළොවෙහි ඇති
ජලය උරා ගනී